චීනයේ සාන්යා (Sanya) නුවර පැවැති 6 වැනි ආසියානු වෙරළ ක්‍රීඩා උළෙලේ කාන්තා කිලෝග්‍රෑම් 50 වෙරළ මල්ලවපොර ඉසව්වෙන් රන් පදක්කම දිනාගත් නිපුණී වාසනා ඊයේ (01) රාත්‍රියේ දිවයිනට පැමිණියාය.
වියට්නාම ක්‍රීඩිකාව සමඟ පැවැති තියුණු අවසන් මහා තරගය ජයගනිමින් ඇය මෙම රන් පදක්කම හිමිකර ගෙන ඇත.එය ශ්‍රී ලංකා ක්‍රීඩා ඉතිහාසයට විශාල අභිමානයක් එක් කළ ජයග්‍රහණයක් ලෙස සැලකේ.
මෙම ජයග්‍රහණය, තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය ක්‍රියාත්මක කරන "Mission Olympic" වැඩසටහනේ සාර්ථකත්වයද මනාව පෙන්නුම් කර ඇත.
කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී ඇයව උණුසුම් ලෙස පිළිගනු ලැබූ අතර, ජාත්‍යන්තර වේදිකාවේ ශ්‍රී ලංකා නාමය උසස් කළ නිපුණී වාසනාට උත්තමාචාර පිරිනැමුණි.
එම අවස්ථාවට තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශයේ නිලධාරීන්ක්,රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරීන්,ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුවේ (NOCSL) නියෝජිතයින්,ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ උසස් නිලධාරීන් (Air Force Officers) ඇතුළු පිරිසක් සහභාගී වූහ.