Thursday, April 30, 2026
Follow Us
ශ්‍රී ලංකාවේ ලොවට ගිය සංචාරක කර්මාන්තය
ශ්රී ජයවර්ධනපුර දී පැවැති B2B Luxury Connect Sri Lanka 2026 හිදී, බුටික් සහ සුඛෝපභෝගී සංචාරක ව්යාපාරයේ ප්රමුඛතම ගමනාන්තයක් ලෙස ශ්රී ලංකාව සතු ස්ථානය යළිත් තහවුරු විය.
'Boutiques in Sri Lanka' ආයතනය විසින් පිට පිට හත්වන වරටත් සංවිධාන කරන ලද මෙම අවස්ථාව සඳහා බුටික් හෝටල් පරිශ්ර 300 කට අධික සංඛ්යාවක් මෙන්ම ජාත්යන්තර සංචාරක නියෝජිතයෝ, හෝටල් හිමියෝ සහ ක්ෂේත්රයේ ප්රවීණයෝ රැසක් සහභාගී වූහ.
මෙහි ප්රධාන දේශනය පවත්වමින් සංචාරක නියෝජ්ය අමාත්ය මහාචාර්ය රුවන් රණසිංහ මහතා අවධාරණය කළේ, ශ්රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ අනාගතය හැඩගැස්වීමේ දී බුටික් සහ සුඛෝපභෝගී අංශය ඉතා වැදගත් වන බවයි.
මෙම අංශය හුදෙක් සුවිශේෂීත්වය සහ ආකර්ෂණය පමණක් නොව, ආර්ථිකයට සැලකිය යුතු දායකත්වයක් ලබා දෙන ඉහළ ආදායම් ලබන (High-yield) සංචාරකයින් ද මෙරටට ආකර්ෂණය කර ගන්නා බව ඔහු සඳහන් කළේය.
මෙම උත්සවය ශ්රී ලාංකීය සංස්කෘතික අනන්යතාවයෙන් ඔපවත් වූ අතර, සාම්ප්රදායික ආහාර පාන සහ විනෝදාස්වාද අංග රැසක් වැඩසටහනට ඇතුළත් විය.