Thursday, April 30, 2026
Follow Us
බෙල්ලන්විල රජමහා විහාරයේ  ඇසළ මහා පෙරහැර මංගල්‍යය පිළිබඳ සාකච්ඡාවක්
බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේ වාර්ෂික ඇසළ මහා පෙරහැර මංගල්යයේ සංවිධාන කටයුතු සහ අනුග්රාහකත්වය ලබා ගැනීම පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්රධානත්වයෙන් ඊයේ (29) ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි

 

බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේ 76 වන ඇසළ මහා පෙරහැර මංගල්යය ජුලි 25 වැනිදා සිට අගෝස්තු 16 වැනිදා දක්වා පැවැත් වේ.
 
දළදා පෙරහැරට පසු මෙරට පැවැත්වෙන ප්රධානම පෙරහැර මංගල්යය අතර ප්රමුඛස්ථානයක් ගන්නා බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේ ඇසළ මහා පෙරහැර මංගල්යය මෙවරද රජයේ සහාය ඇතිව පැවැත්වීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරුණු අතර, ඒ අනුව මහාභාණ්ඩාගාරයේ අනුමැතියට යටත්ව මහාභාරකාර දෙපාර්තමේන්තුව, ලංකා බැංකුව, මහජන බැංකුව, ජාතික ඉතිරි කිරීමේ බැංකුව, සංවර්ධන ලොතරැයි මණ්ඩලය, ජාතික ලොතරැයි මණ්ඩලය, ශ්රී ලංකා ටෙලිකොම් ආයතනය, වරාය අධිකාරිය, ගුවන්තොටුපොල හා ගුවන් සේවා සමාගම, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඇතුලු රාජ්ය ආයතන රැසක මූල්යමය සහාය මේ සඳහා ලබා ගැනීමටද තීරණය කෙරිණි.
 
බෙල්ලන්විල රජමහා විහාරාධිපති පූජ්ය බෙල්ලන්විල ධම්මරතන හිමි, විහාරාධිකාරි පූජ්ය බෙල්ලන්විල සංඝරතන හිමි සහ ජනාධිපති ජ්යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ, පාර්ලිමේන්තු මන්ත්රී ලක්ෂමන් නිපුණආරච්චි, බෙල්ලන්විල රජමහා විහාරයේ පෙරහැර කමිටුවේ සභාපති එච්. ඩී. ප්රේමසිරි, ලේකම් කේසරලාල් ගුණසේකර, භාණ්ඩාගාරික කිංස්ලි කුමාර, කැස්බෑව නගර සභාවේ සභාපති චාමර මද්දුමකලුගේ, බොරලැස්ගමුව නගර සභාවේ සභාපති නිශාන්ත වෙදමුල්ල යන මහත්වරු සහ අනුග්රාහක රාජ්ය ආයතන රැසක නියෝජිතයෝ ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.