Wednesday, February 25, 2026
Follow Us
රුපියල් කෝටි 1.5 කට ආසන්න වටිනාකමකින් යුත් වියලි ගංජා තොගයක් පොලිස් භාරයට
හල්දුම්මුල්ල ප්රදේශයේ සිදු කළ වැටලීමක දී ගෝනි කර විකිණීමට සකස් කර තිබු රුපියල් එක්කෝටි හතලිස් ලක්ෂයක් පමණ වටිනා වියලි ගංජා කිලෝ ග්රෑම් 140ක ප්රමාණයක් පොලිස් භාරයට ගෙන තිබේ.

 

ශ්රී ලංකා යුද්ධ හමුදා බුද්ධි අංශය වෙත ලද තොරතුරක් මත පසුගියදා (23) හල්දුම්මුල්ල ඉලුක්පැලැස්ස රක්ෂිතය තුළ මෙම වැටලීම සිදු කර ඇත.
 
හල්දුම්මුල්ල පොලීසියේ නිලධාරීන්, බණ්ඩාරවෙල පොලිස් කොට්ඨාශ අපරාධ කාර්යාංශයේ නිලධාරීන් සහ විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් එක්ව මෙම වැටලීම සිදු කර ඇති අතර ඉදිරි විමර්ශන කටයුතු හල්දුම්මුල්ල පොලිස් ස්ථානය මගින් සිදු කෙරේ