විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද (16) පැවති තරගයෙන් ප්‍රබල ඔස්ට්‍රේලියානු කණ්ඩාම පරාජය කර කඩුළු 8ක ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
මෙය වාර්තා අතරට එක්වුණේ T20 ලෝක කුසලාන ඉතිහාසයේ 2009 වසරෙන් පසුව ඔස්ට්‍රේලියාවට එරෙහිව ලබාගත් පළමු ජයග්‍රහණය ලෙසයි.
පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ පැවති මෙම තරගයේ ඔස්ට්‍රේලියාවෙන් හිමි වූ ලකුණු 182 ඉලක්කය කඩුලු 2ක් පමණක් දැවී තරගේ 18 වන පන්දු වාරයේ දී පසුකර යාමට ශ්‍රී ලංකාවට හැකි විය.
එහිදී ශ්‍රී ලංකා ජයග්‍රහණයේ නියමුවා වූ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක අතිවිශිෂ්ඨ ශතකයක් වාර්තා කළේය.