Sunday, February 15, 2026
Follow Us
මම මට ආදරෙයි 2026 - සතුටු පවුලක් නිදහස් ජිවිතයක් විශෝධන ක්‍රියාවලිය ජනගත කෙරේ

ප්‍රජාපාදක විශෝධන දෙපාර්තමේන්තුව, දෙහිවල ගල්කිස්ස මහ නගර සභාව, මොරටුව මහ නගර සභාව හා  ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව එක්ව සංවිධනය කරන ලද  “ මම මට ආදරෙයි 2026 ” - සතුටු පවුලක්, නිදහස් ජිවිතයක්, විශෝධන ක්‍රියාවලිය ජනගත කිරීමේ උත්සවය අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් දෙහිවල ජාතික සත්වෝද්‍යාන පරිශ්‍රයේදී ඊයේ (14) පැවැත්විණි.

සමාජ විරෝධි ක්‍රියාවන්ට යොමුව සිටින ස්වේච්ඡාවෙන් විශෝධන ක්‍රියාවලියට යොමුවු පුද්ගලයින් සහ අධිකරණ මඟින් ප්‍රජා විශෝදන ක්‍රියාවලියට යොමු කර ඇති  පුද්ගලයින් යහපත් පුරවැසියන් බවට පත් කිරීමේ අරමුණින් “ මම මට ආදරෙයි 2026 ” සතුටු පවුලක්, නිදහස් ජිවිතයක්, විශෝධන ක්‍රියාවලිය වැඩසටහන ආරම්භ කර තිබේ.

ප්‍රජා විශෝධන ක්‍රියාවලියට යොමුවු පුද්ගලයින්ගේ ආකල්ප වර්ධනය කිරීමේ සහ සෞන්දර්යාත්මක වැඩසටහන් මෙහිදී සංවිධානය කර ඇත.