Friday, January 09, 2026
Follow Us
දිට්වා සුළි කුණාටුවෙන් හානියට පත් නිවාස වෙනුවට නව නිවාස ඉදි කිරීම් හෙට ඇරඹෙයි

‘Rebuilding Sri Lanka’ වැඩසටහන යටතේ දිට්වා සුළි කුණාටුවෙන් පූර්ණ වශයෙන් හානි වූ නිවාස වෙනුවට නව නිවාස ඉදිකිරීමේ සහ වන්දි ලබාදීමේ සමාරම්භක වැඩසටහන හෙට (09) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කවලින් ආරම්භ කෙරේ.

මේ අනුව අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගල්නෑව, හඳුන්ගම, රාජාංගණය සිරිමාපුර සහ කුරුණෑගල දිස්ත්‍රික්කයේ නිකවැරටිය, විතිකුලිය මංසන්දිය සහ රීදිගම දොඩම්ගස්ලන්ද යන ප්‍රදේශවලදී ආපදාවට පත් ජනතාව වෙනුවෙන් නව නිවාස ඉදිකිරීමේ සමාරම්භක වැඩසටහන් පැවැත්වෙනු ඇත.

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වයෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ වැඩපිළිවෙළ යටතේ මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක වේ.