වත්මන් ආණ්ඩුවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හේතුවෙන් දරුවන්ගේ අධ්‍යාපනයට අනිසි බලපෑම් රැසක් එල්ල වන බව සඳහන් කරමින් අධ්‍යාපන ඇමැති, අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවියට එරෙහිව, පාර්ලිමේන්තුවට විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට විපක්ෂය තීරණය කර ඊට අදාළ අත්සන් තැබීම ඊයේ (07) ආරම්භ කර ඇත.
එම විශ්වාසභංග යෝජනාවට, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේදී අත්සන් තැබූ අතර විපක්ෂයේ අනෙකුත් පක්ෂවල සාමාජිකයන් ද එම අවස්ථාවට එක්විය.
අධ්‍යාපන අමාත්‍ය හරිනි අමරසූරිය මෙණෙවියට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට අදාළ සාකච්ඡාවක් පාර්ලිමේන්තුවේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ මූලිකත්වයෙන් පෙරේදා (06) පැවත්වා තිබේ.
වත්මන් ආණ්ඩුවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළ ළමා මනසට නුසුදුසු දෑ මෙන්ම විෂය කරුණු සම්බන්ධයෙන් වැරැදි රාශියක් පවතින බවත් ඒ සම්බන්ධයෙන් විධිමත්ව කටයුතු කර නොමැති බවත් සඳහන් කරමින් අධ්‍යාපන අමාත්‍යවරියට එරෙහිව මෙලෙස විශ්වාසභංගයක් ගෙන ඒමට නියමිත බවයි විපක්ෂය සඳහන් කරන්නේ.