ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් රජයේ ඒකාබද්ධ අරමුදලට රුපියල් බිලියන පහක මුදලක් ප්‍රදානය කර තිබේ.
වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතාගේ ප්‍රමුඛත්වයෙන්, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නිලධාරී පිරිසක් විසින් මෙම මුදලට අදාළ චෙක්පත භාරදෙනු ලැබීය.
අදාළ චෙක්පත භාරදීම සිදුකර ඇත්තේ, මුදල් අමාත්‍යාංශ පරිශ්‍රයේදී වන අතර නියෝජ්‍ය මුදල් අමාත්‍ය අනිල් ජයන්ත සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම් හර්ෂණ සූරියප්පෙරුම යන මහත්වරුන් විසින් චෙක්පත භාරනු ලැබීය.
මීට පෙර අවස්ථාවකදී ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් රුපියල් බිලියන දෙකක් ප්‍රධානය කර තිබූ අතර, අද දිනයේ ඉතිරි රුපියල් බිලියන තුන මෙලෙස භාරදීමට කටයුතු කර ඇති බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය පවසයි.
2024 වසරේ ලබාගත් ලාභාංශ සහ 2025 වසර තුළ වරාය අධිකාරිය විසින් කාර්යක්ෂම ලෙස කළමනාකරණය සිදු කිරීම හේතුවෙන් මෙම මුදල් භාණ්ඩාගාරයේ ඒකාබද්ධ අරමුදලට පරිත්‍යාග කිරීමට හැකි වී තිබේ.
ඒ සමඟම, 2025 වසර තුළ වරායේ මෙහෙයුම් ධාරිතාව වැඩි කර ගැනීමෙන් නොවැම්බර් 30 වැනිදා වන විට ශ්‍රී ලංකා වරාය අධිකාරිය රුපියල් මිලියන 44,110ක ශුද්ධ ලාභයක් උපයාගෙන ඇති බවද සඳහන්ය.
එය මෙම මුදල් ප්‍රදානයට විශාල පදනමක් වූ බවද ශ්‍රී ලංකා වරාය අධිකාරිය වැඩිදුරටත් පැවසීය.