2025 වසරේ ජනවාරි 01 සිට ඔක්තෝබර් 29 දක්වා කාලය තුළ මෙරටට පැමිණි සමස්ත සංචාරකයින් ප්‍රමාණය ලක්ෂ 18 ඉක්මවා ගොස් තිබෙන බව වාර්තා වෙයි.
ඒ අනුව එම සංඛ්‍යාව දහඅටලක්ෂ හැත්තෑ අටදහස් පන්සිය පනස් හතක් (1,878,557) බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.
එමෙන්ම ඔක්තෝබර් මාසයේ 01 වැනිදා සිට 29 දක්වා වූ කාලය තුළ දී පමණක් මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව එක්ලක්ෂ පනස් තුන්දහස් හැට තුනක් (153,063) වන බව එම අධිකාරිය සඳහන් කරයි.
මෙරටට පැමිණි මුළු සංචාකරකයින් අතරින් සංචාරකයින් හාරලක්ෂ තිස්තුනක් (420,033) ඉන්දියාවෙන් ද එක්ලක්ෂ තිස්දෙදහස් පන්සිය අනූ හතරක් (132,594) රුසියාවෙන් ද එක්ලක්ෂ හැත්තෑ හතරදහස් විසි එකක් (174,021) එක්සත් රාජධානියෙන් පැමිණ ඇති බවයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය වැඩිදුරටත් සඳහන් කරයි.