Sunday, November 02, 2025
Follow Us

මෙරට විශාලම ජායාරූපකරණ උපාංග වෙළඳ ප්‍රදර්ශණයවන Sony Alpha Festival 2025  නැරඹීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ඊයේ (31) එක්විය.

ඊයේ දින (31) ආරම්භකරන ලද මෙම ප්‍රදර්ශණය නොවැම්බර් 1 සහ 2 යන තෙදින පෙරවරු 10.00 සිට පස්වරු 7.00 දක්වා කොළඹ බණ්‌ඩාරනායක අනුස්‌මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දි පැවැත්වේ.

CameraLK විසින් සංවිධානය කරන මෙම වෙළඳ ප්‍රදර්ශණය සදහා ඇතුළුවීම සම්පූර්ණයෙන්ම නොමිලේවන අතර නවතම කැමරා උපකරණ,කැමරා උපකරණ සඳහා විශේෂ  වට්ටම්,ඡායාරූප වැඩමුළු සහ තවත් විශේෂාංග රැසකින් සමන්විත වේ.

මෙහි දී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රදර්ශණය සංවිධානයකළ සියළුදෙනාට තම ප්‍රශංසාව පළකර සිටි අතර මෙවැනි ප්‍රදර්ශණ මගින් ජාරූපකණය සහ වීඩියෝකරණයට ප්‍රියකරන සියලු දෙනාගේම දැනුම වර්ධනය කර ගැනීම සදහා බෙහෙවින් ඉවහල්වන  බවද පැවසීය.

මෙවැනි ප්‍රදර්ශණයන් සිදුකරන ආයතන අනාගතයේ දී දිරිගැන්වීම සදහා විශේෂ වැඩපිළිවෙළක අවශ්‍යතාවයද මෙහි දී අමාත්‍යවරයා පෙන්වා දුන් අතර, තමන් ජනමාධ්‍ය අමාත්‍යවරයා වශයෙන් ඒ පිළිබදව විශේෂ අවධානයක් යොමු කරමින් කටයුතු කරන බව ද මෙහි දී වැඩිදුරටත් පැවසීය.