Friday, June 13, 2025
Follow Us
වැඩබලන බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වැඩ අරඹයි

වැඩබලන බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා ලෙස අධිකරණ සහ ජාතික ඒ්කාබද්ධතා අමාත්‍යංශයේ අතිරේක ලේකම් නිශාන් ධනසිංහ මහතා අද(11) පෙරවරුවේ වැඩ භාර ගත්තේය.

මේ අතර බන්ධනාගාරමාධ්‍ය ප්‍රකාශක ධරය හෙබවූ බන්ධනාගාර කොමසාරිස්(මෙහෙයුම් ) ගාමිණී දිසානායක මහතා මාධ්‍ය ප්‍රකාශක ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය වැඩබලන බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත යොමු කර තිබෙන බව ද වාර්තා වෙයි.

අනුරාධපුර බන්ධනාගාරයේ රැඳවියකු නිදහස් කිරීමේදී ජනාධීපති සමාව අවභාවිත කිරීමේ සිද්ධීය සම්බන්ධයෙන් පැවැත්වෙන පරික්ෂණවලදී ඔහුගෙන්ද ප්‍රකාශ ලබාගැනීම සිදු කරන බැවින් මෙහෙයුම් අංශය භාරව කටයුතු කිරීම ද තාවකාලිකව බන්ධනාගාර කොමසාරිස් (පරිපාලන) අජිත් බස්නායක මහතා වෙත පවරා ඇත.