මගීන් 242 ක් සමඟ ඉන්දීය ගුවන් යානයක් අනතුරට ලක්වීමෙන් එක් පුද්ගලයෙන් දිවි ගලවා ගෙන තිබේ.
ඉන්දියාවේ අහ්මදාබාද්හිදී ගුවන් යානයක් අනතුරට ලක්වීමෙන් යානයේ ගමන්ගත් සියලු දෙනා මිය යන්නට ඇතැයි විශ්වාස කළ ද එක් ගුවන මඟියෙන් බේරී මේ වන විට ප්‍රතිකාර ලබමින් සිටි.
මගීන් 230ක් සහ කාර්යමණ්ඩල සාමාජිකයින් 12 දෙනෙකු රැගත් බොයිං 787 වර්ගයේ ගුවන්යානයක් ඊයේ(13) පස්වරු 1:17ට පමණ ලන්ඩන් බලා පිටත්වයෑමට අහ්මදාබාද් ගුවන්තොටුපොළින් ගමන් ආරම්භ කර සුළු මොහොතකින් අනතුරකට පත්වී තිබේ.
නමුත් අදාළ ගුවන් යානයේ 11A ආසනයේ සිටි මගියා මේ වනවිට දිවි බේරාගෙන තිබේ.
මෙලෙස දිවි බේරාගෙන ඇත්තේ ඉන්දීය සම්බවයක් ඇති විශ්වාෂ් නම් 40 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතිකයෙක්ය.
ඔහු තම පවුලේ අය බැලීම සඳහා දින කිහිපයකට ඉන්දියාවට පැමිණ තිබේ.
මේ වනවිට ඔහු අහමදාබාද්හි අසාර්වා රෝහලේ සාමාන්‍ය වාට්ටුවක ප්‍රතිකාර ලබමින් සිටියි.