රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා ගමන් ගත් රථය බණ්ඩාරවෙල හල්පේ ප්‍රදේශයේ දී හදිසියේ ගිනි ගැනීමකට ලක් වී තිබෙන බව වාර්තා වෙයි.
අද අලුයම 12.45ට පමණ මෙම සිදුවීම වී ඇති බවට තොරතුරු වාර්තා වේ.
රාජ්‍ය අමාත්‍යවරයා මහියංගනය ප්‍රදේශයේ සිට ඇල්ල ප්‍රදේශය දක්වා පැමිණෙමින් සිටියදී මෙම ගිනිගැනීම සිදුව ඇති බව සඳහන්වේ.
කෙසේ වෙතත් ගින්න හේතුවෙන් රාජ්‍ය අමාත්‍යවරයාට හෝ රියදුරාට හානියක් සිදුව නොමැති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.