Tuesday, April 14, 2026
Follow Us
අදත් විශේෂ දුම්රිය හා බස් සේවාව ක්‍රියාත්මකයි

අලුත් අවුරුදු නිමිත්තෙන් ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් අද (12) දිනයේත් විශේෂ බස් රථ සහ දුම්රිය සේවා ක්‍රියාත්මක කර ඇති බව ප්‍රවාහන අමාත්‍යංශය පවසයි.

මගී අවශ්‍යතාවය අනුව අතිරේක බස් රථ යෙදවීම සදහා ද අවශ්‍ය උපදෙස් ලබාදී ඇති බව එම අමාත්‍යංශය සදහන් කළේය. 

අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා මගීන් සඳහා ද මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ සිට විශේෂ බස් රථ ධාවනය කිරීමට ද සැලසුම් කර ඇත. 

මේ අතර අවුරුදු සමයේ මගීන්ගෙන් වැඩි මුදල් අයකරන බස්රථ වලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා සදහන් කර සිටී.