මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන විධිමත් ලෙස ප්‍රමිතිගතකරණය සඳහා ඉදිරියේදී ප්රමිතීන් හදුන්වා දීම, මුල් ළමාවිය ගුරුවරුන්ගේ වෘත්තීය නිපුණතාව ඉහළ නැංවීම සඳහා ජාතික මට්ටමේ පුහුණු වැඩසටහන් සංවිධානය කිරීම අරමුණු කර ගනිමින් ක්‍රියාත්මක 'සුරක්ෂිත ළමා ලෝකයක් - නිර්මාණශීලී අනාගත පරපුරක්' ක්ලීන් ශ්‍රී ලංකා - STEP UP මුල් ළමාවිය සංවර්ධන ජාතික වැඩසටහන එළිදැක්වීම අග්‍රාමාත්‍ය හා අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් අද (10)අරලියගහ මන්දිරයේදී සිදු කෙරිණ.
පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්” රජයේ සංකල්පය යථාර්ථයක් කරමින් දරුවන්ගේ සුරක්ෂිතතාව උදෙසා ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන සමඟ කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය, අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මෙන්ම රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය ඇතුළු ආයතන කිහිපයක් එක්ව මෙම ජාතික වැඩසටහන ක්‍රියාත්මක කරයි.
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ සහ යුනිසෙෆ් ආයතනයේ සහයෝගීත්වයෙන් දරුවන්ගේ හඳුනාගත් වටිනාකම් දහයක් සංවර්ධනය සඳහා සකස් කල ඉගෙනුම් උපකරණ සහ විශේෂිත සම්පත් කට්ටල මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන 900ක් වෙත ලබා දීම ද මෙහිදී සිදු කෙරිණි.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස, කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා පෝල්රාජ්, කොලඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නජිත් ඉන්දික, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමාරනායක,ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් (මුදල් හා ආර්ථික කටයුතු) ජී.එම්.ආර්.ඩී. අපොන්සු, ජනාධිපති අතිරේක ලේකම් එස්.පී.සී. සුගීෂ්වර යන මහත්ම මහත්මීහු සහ පළාත් ආණ්ඩුකාරවරු මේ අවස්ථාවට සහභාගි වූහ.
දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණි මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානවල පෙර පාසල් ගුරුවරු ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක් වූහ.