Monday, April 29, 2024
Follow Us
ආගමන විගමන දෙපාර්තමේන්තුවේ CCTV කැමරා වසර 6ක් ගබඩාවක
-කඩිනමින් අවශ්ය පියවර ගෙන මැයි 15ට පෙර ප්රගතිය දැනුම් දෙන ලෙස කෝපා කමිටුවෙන් දැනුම් දෙයි
-වසර 4ක් පමා වූ ඊ-පාස්පෝට් නිකුත් කිරීම කඩිනම් කිරීමටත් නියෝග...
-ප්රාදේශීය කාර්යාල මගින් ගමන් බලපත්ර නිකුත් කිරීමේදී නිසි ක්රියාවලියක් නොමැතිවීම නිසා පවතින තදබදය ඇතුළු අඩුපාඩු පිළිබඳව ද අවධානය…
-රුසියානු හා යුක්රේන ජාතිකයන් වීසා අවසන් වීමේන් පසුවද මෙරට රැදී සිටිමින් දකුණු ප්රදේශයේ ව්යාපාරවල නිරත වීම පිළිබඳවද අවධානය…

 ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්රධාන කාර්යාලයේ අභ්යන්තර පරිශ්රයේ සවිකිරීම සදහා මිලදී ගත් CCTV කැමරා උපකරණ වසර 6ක් සවිනොකර ගබඩාවක ඇති බැවින් ඒවා සවිකිරීමට කඩිනමින් අවශ්ය පියවර ගන්නා ලෙස රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සභාපති රාජ්ය අමාත්ය  ලසන්ත අලගියවන්න මහතා ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නේය.

 
ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ 2020, 2021 හා 2022 වසරවල විගණකාධිපති වාර්තා හා වත්මන් කාර්ය සාධනය පිළිබඳ පරීක්ෂා කිරීම සදහා පසුගියදා (02) රජයේ ගිණුම් කාරක සභාව (කෝපා කමිටුව) රැස්වූ අවස්ථාවේදී මේ සම්බන්ධයෙන් අවධානය යොමු විය.
 
ගුවන්තොටුපළ ඊගේට් (E-gate) පහසුකමට අදාළ උපාංග මිලදී ගැනීම සදහා ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නියෝජිතයෙක් සම්බන්ධ කරන ලෙස සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් දැනුම් දී තිබුණද තවමත් ඒ සදහා පියවර නොගැනීම නිසා සමස්ත ඊගේට් පහසුකම් සැපයීමේ ක්රියාවලිය ප්රමාද වීම පිළිබඳව කාරක සභාවේ බලවත් අප්රසාදය මෙහිදී පළ විය. ඒ අනුව මෙහි ප්රගතිය සම්බන්ධ වාර්තාවක් ලබන අප්රේල් 15 වැනිදාට පෙර ලබා දෙන ලෙස ද දැනුම් දුන්නේය. ගුවන් තොටුපළ තදබදය අවම කිරීම සදහා ස්වයං පරීක්ෂාවන් කිරීම ඇතුළු නවීන තාක්ෂණික මෙවලම් සමග ඉදිරියට යාමේ අවශ්යතාව මෙහිදී අවධාරණය කරන ලදී.
 
විද්යුත් ගමන් බලපත්රය (E-Passport) නිකුත් කිරීම වසර 4ක් මුළුල්ලේ ප්රමාද වීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය. 2020 වසරේ ආරම්භ වී ඇති මෙම ප්රසම්පාදන කටයුතු අවසන් අදියරේ පවතින බව නිලධාරීන් පැවසූහ. ඒ අනුව එම කටයුතු කඩිනමින් අවසන් කිරීමට පියවර ගන්නා ලෙස කාරක සභාව නියෝග කළේය.
 
ගුවන් තොටුපළ රාජකාරී කටයුතු කාර්යක්ෂමකව සිදු කිරීම සදහා රාත්රී කාලයන්හීදී ප්රමාණවත් නිලධාරීන් සංඛ්යාවක් නොසිටීම සම්බන්ධයෙන් ද කාරක සභාවේදී සාකච්ඡා විය. මේ අනුව කාර්යබහුල වේලාවන්හි වැඩි වශයෙන් ඵලදායි ලෙස නිලධාරීන් යෙදවීමට සැලැස්මක් සකස් කරන ලෙසත් එය අප්රේල් 15ට පෙර කාරක සභාවට ලබා දෙන ලෙසද උපදෙස් ලබා දීම සිදු විය.
මෙරට ගුවන් ගමන් බලපත්රය ලොව ගුවන් ගමන් බලපත්ර ශ්රේණිගත කිරීම්වල 97 වැනි ස්ථානයේ ඇති බව නිලධාරීන් පැවසූහ. ඒ සදහා බලපාන නිර්නායක පිළිබඳව මෙහිදී සාකච්ඡා විය. ඒ අනුව ලංකාව ලෝකයේ ගුවන් ගමන් බලපත්ර ශ්රේණිගත කිරීම්වල ඉහළට ගෙනඒම සදහා වැඩපිළිවෙලක් සකස්කොට කාරක සභාව දැනුවත් කරන ලෙස ද කෝපා සභාපතිවරයා දැනුම්දෙන ලදී.
ප්රාදේශීය කාර්යාල මගින් ගුවන් ගමන් බලපත්ර නිකුත් කිරීමේදී නිසි යාන්ත්රණයක් නොමැතිවීම නිසා ජනතාවට මුහුණ දීමට සිදුව ඇති ගැටලු ඇතුළු අඩුපාඩු පිළිබඳව ද මෙහිදී සාකච්ඡා විය. මේ අනුව දිනකට නිකුත් කරන ගමන් බලපත්ර ප්රමාණයේ ධාරිතාව වැඩි කිරීම සදහා නිවැරදි යාන්ත්රණයක් සකස් කොට ජනතාවට කඩිනම් සේවාවක් ලබා දීමේ අවශ්යතාව කාරක සභාව විසින් අවධාරණය කරන ලදී.
රුසියානු හා යුක්රේන ජාතිකයන් වීසා අවසන් වීමේන් පසුවද මෙරට රැදී සිටිමින් දකුණු ප්රදේශවල ව්යාපාරවල නිරත වීම පිළිබඳව ද සාකච්ඡා විය. මෙම පුද්ගලයන් ජීවත් වන ස්ථාන තහවුරු කර ගැනීමේ ගැටලු පවතින බව නිලධාරීහු පැවසුහ. මේ අනුව මේ සම්බන්ධ තොරතුරු ලබා දීම සදහා ක්ෂණික ඇමතුම් අංකයක් හදුන්වා දී ජනතාවගේ සහය ලබා ගැනීමේ වැදගත්කම ද මෙහිද පෙන්වා දෙන ලදී.
රාජ්ය අමාත්යවරුන් වන මොහාන් ප්රියදර්ශන සිල්වා, ප්රසන්න රණවීර, ඩයනා ගමගේ පාර්ලිමේන්තු මන්ත්රීවරුන් වන තිස්ස අත්තනායක, හෙක්ටර් අප්පුහාමි, ජේ.සී අලවතුවල, වීරසුමන වීරසිංහ,  මධුර විතානගේ, මේජර් ප්රදීප් උදුගොඩ, ජයන්ත කැටගොඩ, වෛද්ය උපුල් ගලප්පත්ති, එම් උදය කුමාර් සහ කරුණාදාස කොඩිතුවක්කු යන මහත්ම මහත්මීහු ද මහජන ආරක්ෂක අමාත්යාංශයේ ලේකම්වරයා ඇතුළු නිලධාරීන් ද ආගමන හා විගමන දෙපාර්තමේන්තු නිලධාරීහුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.