Monday, August 10, 2026
Follow Us
State

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සහ වැඩබලන පොලිස්පති දේශබන්දු ටී.එම්.ඩබ්ලිව්.ඩී. තෙන්නකෝන් මහතා නව පොලිස්පති ලෙස පත් කර තිබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

State
ගුනනොළපැලැස්ස මැටිගත්වල ප්රදේශයේ අක්කර 100ක මෙවර පළමුවරට කීරි සම්බා වී වගා කිරීමට ගොවීන් පිරිසක් කටයුතු කළේය. මෙම කීරි සම්බා වගාව ඊයේ (23) කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්ය මහින්ද අමරවීර මහතාගේ  නිරීක්ෂණයට ලක්විය.
State

පාසල්වල පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය මගින් නිකුත් කර ඇති චක‍්‍රලේඛය අනුව පාසල් වෙත අයදුම්පත් යොමු කළ යුතු අතර විදුහල්පතිවරුන් විසින් සම්මුඛ පරීක්ෂණ පවත්වා සිසුන් ඇතුළත් කරගැනීම සිදු කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

State

අධික උෂ්ණත්වය සහිත කාලගුණික තත්ත්වය හමුවේ ඇති විය හැකි අහිතකර තත්ත්වයන්ගෙන් පාසල් දරුවන් ආරක්ෂා කර ගැනීමට උපදෙස් මාලාවක්  අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිකුත් කර තිබේ.

State

උපන් බිමේ  උරුමය තහවුරු කරමින් මහවැලි ගොවි පවුල් ලක්ෂ දෙකකට   සින්නක්කර ඔප්පු  ලබාදීමට  සැලසුම් කර ඇති බව වාරිමාර්ග, වනජීවි සහ වන සංරක්ෂණ අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ප්‍රකාශ කරයි.‍

State
  • කඳුකරයේ ද්‍රවිඩ ජනතාවගේ ආර්ථික හා සමාජ අයිතිවාසිකම් දිනා දීමට රජය කැපවී කටයුතු කරනවා -ජනපති.

මෙරට ආර්ථිකයට විශාල දායකත්වයක් ලබා දෙන කඳුකර ද්‍රවිඩ ජනතාවගේ ආර්ථික හා සමාජ අයිතිවාසිකම් තහවුරු කිරීමට රජය කැපවී කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

State

අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ග්‍රහලෝකාගාරයේ ප්‍රක්ෂේපණ යන්ත්‍රවල අත්‍යාවශ්‍ය නඩත්තු කාර්යයක් සඳහා 2024.02.27 සිට 2024.03.12 දක්වා මහජන ප්‍රදර්ශනය අවලංගු කිරීමට සිදුව ඇති බව එහි අධ්‍යක්ෂ (සංවර්ධන හා නවෝත්පාදන) ආචාර්ය උත්පලා අලහකෝන් මහත්මිය සඳහන් කරයි.

State

නීත්‍යානුකූල නොවන ආකාරයට ජාතික සම්මාන සහ ගෞරව නාම පුද්ගලයන් වෙත ලබාදීම, එසේ ගෞරව නාම ලබා ගැනීම හෝ භාවිතා කිරීමට එරෙහිව නීත්‍යානුකූල පියවර ගන්නා ලෙස ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා අදාළ විෂය පිළිබඳ කටයුතු කරන රාජ්‍ය නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

State

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා හස්ත කර්මාන්ත මණ්ඩලය හා ලක්සල ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කරනු ලබන "ලක්සල - ඇල්ල " නව ප්‍රදර්ශනාගාරයට සඳහා මුල්ගල තැබීම ප්‍රවාහන, මහාමාර්ග අමාත්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඇල්ල දුම්රිය ස්ථානයේ දී සිදු කෙරිණි.

State

 "උරුමය" ජාතික වැඩසටහනින් අපේක්ෂිත අභිමතාර්ථ යථාර්ථයක් බවට පත් කර ගනිමින් ප්‍රජාව වෙත සිය භුමියේ සින්නක්කර අයිතිය භුක්ති විඳීමේ අවස්ථාව ලබා දීමට අදාළව ඉල්ලුම් කිරීමට ක්ෂණික ඇමතුම් අංකයක් හඳුන්වා දී තිබේ.

State

විදුලිබල මණ්ඩලය විසින් යෝජිත විදුලි බිල අඩු කිරීම සදහා වූ යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡාවක් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යංශයේ දී පසුගියදා (21) පැවැත්විණ.

විදුලිබල මණ්ඩලයේ කළමණාකාරීත්වය සහ විදුලි ගාස්තු අය ක්‍රමය සම්බන්ධ අංශ නිලධාරීන් සමග මෙහි දී නව අයකිරීමේ යෝජනාව සහ මීට පෙර යෝජනාවට සාපේක්ෂව විදුලිබල මණ්ඩලයේ ප්‍රාග්ධන සහ මෙහෙයුම් වියදම් අඩුකිරීමේ සැලසුම, 2024 වසර වෙනුවෙන් මූල්‍ය අවශ්‍යතාවය සහ විදුලි ගාස්තු අය ක්‍රමය පිළිබඳව විදුලිබල ක්ෂේත්‍රයේ පාර්ශ්වකරුවන් සමග පැවති හමුවේ ඉදිරිපත් වූ යෝජනා සහ මහජන උපයෝගීතා කොමිසම මගින් සිදුකල මහජන උපදේශනයේ දී ඉදිරිපත් වූ යෝජනා නව විදුලි ගාස්තු අය ක්‍රම යෝජනාවට ඇතුළත් කර ඇති ආකාරය පිළිබඳව සාකච්ඡා කර තිබේ. 

ඒ අනුව විදුලිබල මණ්ඩල විසින් නව විදුලි ගාස්තු අය ක්‍රමය සදහා වන යෝජනාව හෙට දිනයේ දී මහජන උපයෝගී කොමිසම වෙත ඉදිරිපත් කරනු ඇත. 

එම යෝජනාවට අනුව අවම වශයෙන් 2023 වසරේ ඔක්තෝබර් මස ඉහළ නැංවූ විදුලි ගාස්තු ප්‍රතිශතය හා ප්‍රමාණයන්ට සමානව විදුලි ගාස්තු අඩුකිරීමට බලාපොරොත්තු වේ.

2023 වසරේ ඔක්තෝබර් මස දී ගෘහස්ථ සහ ආගමික කාණ්ඩවල විදුලි ගාස්තු 18%කින්ද හෝටල් හා කර්මාන්ත කාණ්ඩවල විදුලි ගාස්තු 12%කින්ද පොදු හා රජයේ ගොඩනැගිලි කාණ්ඩයේ විදුලි ගාස්තු 24%කින්ද ඉහළ නංවන ලදි.

State

බිබිල, මහාචාර්ය සේනක බිබිලේ අනුස්මරණ මුලික රෝහල A මුලික ශ්‍රේණියේ රෝහලක් බවට පත් කිරීමට කඩිනමින්  පියවර ගන්නා බව සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ පසුගියදා  මොණරාගල දිස්ත්‍රික් මහ රෝහල  සහ බිබිල සේනක බිබිලේ අනුස්මරණ මුලික රෝහලේ විශේෂ නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමින් .

State

පූර්ව අමාත්‍ය මණ්ඩල අනුමැතියකින් තොරව රුසියානු සහ යුක්‍රේන සංචාරකයින්ට දින 14ක් ඇතුළත රටින් පිටවිය යුතු බවට සිදු කළ දැනුම්දීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නියෝග කර තිබේ.

State

1912 අංක 7 දරන ප්‍රසිද්ධ රැගුම් ආඥා පනත පරිච්ඡින්න කොට ප්‍රසිද්ධ රැඟුම් වර්ගීකරණ මණ්ඩලයක් ස්ථාපිත කරලීම සඳහා වූ පනත් කෙටුම්පතක් හඳුන්වාදීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

State
  • බුද්ධ ශාසනය ආරක්ෂා කරමින්, එය සුරක්ෂිත කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුවම ජනපති කැපවී සිටිනවා- ජනාධිපති ලේකම්.

ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව විසින් රජයේ ගැසට් පත්‍රය මඟින් ප්‍රකාශයට පත් කරන ලද පුරාවිද්‍යාත්මක, ඓතිහාසික සහ පූජනීය වටිනාකමකින් යුත් විහාරස්ථාන 11ක් පූජා භූමි ලෙස ප්‍රකාශයට පත් කෙරේ.

State

මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ට ඉංග්‍රීසි භාෂාව මාර්ගෝපදේශනය සහ තමන් කැමති වෘත්තිය විෂයක් නොමිලයේ හැදෑරීමට එළැඹෙන මාර්තු පස්වනදා සිට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.

State

ඇතැම් අධිකරණවල නීති කෘත්‍යයන් හා වාර්තා පවත්වාගෙන යාම ඉංග්‍රීසි භාෂාවෙන් සිදු කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

State

ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ ඉන්ධන ගබඩා කිරීම සහ ඉන්ධන බෙදාහැරීම් සම්බන්ධයෙන් KPMG ආයතනය විසින් සිදු කළ වෝහාරික විගණනයේ හඳුනාගත් මුලික කරුණු අද (15) විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා වෙත ඉදිරිපත් කරන ලැබුණි.