Wednesday, February 04, 2026
Follow Us
විභාග ප්‍රතිඵල මත රැකියා විරහිත උපාධිධාරීන් 2700ක් බඳවා ගැනීම මේ සතියේ

රැකියා විරහිත උපාධිධාරීන් 2700ක් විද්‍යාව, ගණිත, තාක්ෂණ විෂය ධාරාවන්ගෙන් බඳවා ගැනීමට පැවැත්වූ විභාගයේ ප්‍රතිඵල මේ සතියේ ලැබීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අද (01) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ විශ්‍රාම ගිය සහ විදෙස්ගත වූ ගුරුවරුන් බඳවා ගැනීමේ වැඩපිළිවෙළට අදාළව බස්නාහිර පළාත් පත්වීම් ලබා දුන්න ද උසාවි නියෝගයක් නිසා ප්‍රමාද වුණු සෙසු පළාත්වල 13,000කට පමණ පත්වීම් ලබාදීමට මේ වන විට කටයුතු කරමින් සිටින බවය.

ගුරුවරුන් ලෙස උපාධිධාරීන් බඳවා ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය වැඩි කැමැත්තක් දක්වන නිසා PGD දුන්විට සාර්ථකව ගුරුවරු හැටියට යෙදවිය හැකි බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

ඉතිරි රැකියා විරහිත උපාධිධාරීන් සම්බන්ධයෙන් රජය විදියට සාකච්ඡා කර ගත හැකි පියවර ඉදිරියේ දී දැනුම් දීමට නියමිතය.