මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සපයන සේවාවන් සඳහා ස්වයංක්‍රීය දුරකථන පද්ධතියක් යටතේ සහ වෙබ් අඩවිය වෙත පිවිස සිය අවශ්‍යතා සපුරාගැනීමට අද (04) සිට මහජනතාවට අවස්ථාව ලබා දී තිබේ.
සිසුන් සඳහා සකස් කර ඇති "වැඩ පොත්" හැරුණු විට අනෙකුත් පෙළ පොත් පාසලට ගෙන ඒම අවම කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
බස්නාහිර පළාතේ රජයේ පාසල් වාර විභාගය අත්හිටුවීමට පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.
අස්වැසුම දෙවන අදියර සඳහා ඉල්ලුම් කළ ප්‍රතිලාභ අපේක්ෂිතයන්ගේ දත්ත පරීක්ෂා කිරීම සහ සහතික කිරීම අවසන් කර ඇති බවත්, 2024 ජුනි මාසයේ සිට අස්වැසුම ප්‍රතිලාභී පවුල් ඒකක ප්‍රමාණය ලක්ෂ 24ක් දක්වා වැඩි කිරීමට සියලු කටයුතු සූදනම් කර ඇති බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසීය.
පූර්ව අමාත්‍ය මණ්ඩල අනුමැතියකින් තොරව රුසියානු සහ යුක්‍රේන සංචාරකයින්ට දින 14ක් ඇතුළත රටින් පිටවිය යුතු බවට සිදු කළ දැනුම්දීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නියෝග කර තිබේ.
විවිධ ආර්ථික දුෂ්කරතා හමුවේ අධ්‍යාපනය ලබන පාසල් සිසු දරුවන්ට දිරියක් ලබාදීමේ අරමුණින් ශිෂ්‍යාධාර ලබාදීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක “ජනාධිපති ශිෂ්‍යත්ව වැඩසටහන 2024/2025” සඳහා සුදුසුකම්ලාභීන්ගෙන් අයදුම්පත් කැඳවීම මේ වන විට ආරම්භ වී තිබේ.
මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ට ඉංග්‍රීසි භාෂාව මාර්ගෝපදේශනය සහ තමන් කැමති වෘත්තිය විෂයක් නොමිලයේ හැදෑරීමට එළැඹෙන මාර්තු පස්වනදා සිට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.
ගිය වසරට (2023) අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය මැයි 6 දා ආරම්භ කිරීමට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.ඒ අනුව මැයි 6 දා සිට මැයි 15 දා දක්වා විභාගය පැවැත්වේ.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සහ වැඩබලන පොලිස්පති දේශබන්දු ටී.එම්.ඩබ්ලිව්.ඩී. තෙන්නකෝන් මහතා නව පොලිස්පති ලෙස පත් කර තිබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.
අධික උෂ්ණත්වය සහිත කාලගුණික තත්ත්වය හමුවේ ඇති විය හැකි අහිතකර තත්ත්වයන්ගෙන් පාසල් දරුවන් ආරක්ෂා කර ගැනීමට උපදෙස් මාලාවක් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිකුත් කර තිබේ.
උපන් බිමේ උරුමය තහවුරු කරමින් මහවැලි ගොවි පවුල් ලක්ෂ දෙකකට සින්නක්කර ඔප්පු ලබාදීමට සැලසුම් කර ඇති බව වාරිමාර්ග, වනජීවි සහ වන සංරක්ෂණ අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ප්‍රකාශ කරයි.
ඇතැම් කුඹුරුවල හෙක්ටයාර් එකකට වී අස්වැන්න මෙට්‍රික් ටොන් 12 ඉක්මවයි
මෙවර මහ කන්නයේ වැඩිම වී අස්වැන්න උඩවලව කලාපයට අයත් කුඹුරුවලින් වාර්තා වී ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්ය මහින්ද අමරවීර මහතා පැවසීය.
අද (01) පෙරවරුවේ ජනාධිපති මාධ්‍ය ඒකකයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ග්‍රහලෝකාගාරයේ ප්‍රක්ෂේපණ යන්ත්‍රවල අත්‍යාවශ්‍ය නඩත්තු කාර්යයක් සඳහා 2024.02.27 සිට 2024.03.12 දක්වා මහජන ප්‍රදර්ශනය අවලංගු කිරීමට සිදුව ඇති බව එහි අධ්‍යක්ෂ (සංවර්ධන හා නවෝත්පාදන) ආචාර්ය උත්පලා අලහකෝන් මහත්මිය සඳහන් කරයි.
නීත්‍යානුකූල නොවන ආකාරයට ජාතික සම්මාන සහ ගෞරව නාම පුද්ගලයන් වෙත ලබාදීම, එසේ ගෞරව නාම ලබා ගැනීම හෝ භාවිතා කිරීමට එරෙහිව නීත්‍යානුකූල පියවර ගන්නා ලෙස ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා අදාළ විෂය පිළිබඳ කටයුතු කරන රාජ්‍ය නිලධාරීන්ට උපදෙස් දී තිබේ.
Page 49 of 642