Monday, June 02, 2025
Follow Us
හෙට පාසල් නොපැවැත්වෙන පළාත්, දිස්ත්‍රික්ක හා කලාප පිළිබඳ දැනුවත් දීමක් 

වර්තමානයේ පවතින අයහපත් කාලගුණික තත්වය මත පහත සඳහන් පළාත්වල, දිස්ත්‍රික්කවල සහ කලාපවල රජයේ පාසල්වලට දෙනු ලබන විශේෂ නිවාඩුවක් ලෙස සලකා හෙට (04) පාසල් නොපැවැත්වීමටත් සෙසු පළාත්වල හා කලාපවල හෙට සිට සාමාන්‍ය  පරිදි පාසල් පැවැත්වීමටත් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.

 

2024/06/04 දින පාසල් නොපැවැත්වෙන පළාත්, දිස්ත්‍රික්ක හා කලාප

1. සබරගමුව පළාත

■ රත්නපුර දිස්ත්‍රික්කය - සියලු‍ ම පාසල්

■ කෑගල්ල දිස්ත්‍රික්කය - සියලු‍ ම පාසල්

 

2. දකුණු පළාත

■ ගාල්ල දිස්ත්‍රික්කය - සියලු‍ ම පාසල්

■ මාතර දිස්ත්‍රික්කය - සියලු‍ ම පාසල්

 

3. බස්නාහිර පළාත

■ කළුතර දිස්ත්‍රික්කය - සියලු‍ ම පාසල්

■ කොළඹ දිස්ත්‍රික්කය - හෝමාගම කලාපය

මෙහි පාසල් නොපැවැත්වෙන බව සඳහන් කර නැති සියලු‍ පළාත්වල හා දිස්ත්‍රික්කවල ද කලාපවල ද 2024/06/04 සිට සාමාන්‍ය පරිදි පාසල් පැවැත්වේ.

2024/06/04 දිනෙන් පසු ඇති වන කාලගුණ තත්වය මත පළාත් බලධාරීන් විසින් කලාප අධ්‍යක්ෂවරුන් දැනුම්වත් කර පාසල් පැවැත්වීමට අදාළ තීරණය කර බව එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.