දහම් පාසල් ගුරු සහතික පත්‍ර විභාගය - 2024 මාර්ගගත ක්‍රමයට අයදුම්පත් භාර ගැනීම හෙටින් (14) අවසන් බව බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
අ.පො.ස (සාමාන්‍ය පෙළ)ල අ.පො.ස (උසස් පෙළ) සහ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව උත්තර පත්‍ර පරික්ෂා කිරීමේ දීමනා ඉහළ දැමීම සඳහා විභාග දෙපාර්තමේන්තුව සහිත අනුකමිටුවේ නිර්දේශය අනුව අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශයට අද (09) අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
අද (06) සිට ලබන 21 වැනිදා දක්වා අති උත්කර්ෂවත් ලෙස පැවැත්වෙනි ඓතිහාසික කතරගම මහා දේවාලේ පෙරහැරට පැමිණෙන බැතිමතුන්ගේ රථවාහන ගාල් කිරීමේ විශේෂ ස්ථාන වෙන් කර ඇති බව කතරගම පොලිසිය සඳහන් කරයි.
පොලීසිය විසින සිදු කරනු ලබන විමර්ශනවලට අදාළ තොරතුරු මාධ්‍ය වෙත ලබාදීමේදී අනුගමය කළ යුතු ආකාරය පිළිබඳ උපදෙස් සම්බන්ධයෙන් සියලුම පොලිස් නිලධාරීන් දැනුවත් කරමින් නව චක්‍රලේඛයක් නිකුත් කිරීමට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් කටයුතු කර තිබේ.
මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම්පත් යොමුකිරීමේ අවස්ථාව තවදුරටත් දීර්ඝ කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි
අද (04) රාත්‍රී 9 සිට පැය 18ක ජල කප්පාදුවක් සිදුකෙරෙන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
හෙට (09) පාසල් පැවැත්වීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක් නිකුත් කර තිබේ.
මෙතෙක් කලක් රජයට අයත් කොමර්ෂල් පොහොර හා ලංකා පොහොර සමාගම් දෙක අද (12) සිට State Fertilizer නාමය යටතේ රජයට අයත් සමාගමක් වශයෙන් ඒකාබද්ධ කිරීමට පියවර ගෙන ඇත.
අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සෞන්දර්ය විෂයයන්ට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ මේ මස 9 සිට 19 වෙනි දින දක්වා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන්ද කරයි.
වර්ජනයේ නිරත වෙමින් සේවයට වාර්තා නොකළ සියලුම දුම්රිය සේවකයින් සඳහා "සේවය හැරගියා සේ සලකා" ලිපි නිකුත්කළ බව ප්‍රවාහන ආචාර්ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි.
රටේ අනාගතය බාර ගැනීමට සිටින තරුණ තරුණියන්ගේ ජීවිත තවදුරටත් ව්‍යාකූල නොකර, ඔවුන්ගේ කාලය උදුරා නොගෙන සේවයට වාර්තා කරන ලෙස සියලුම විශ්වවිද්‍යාවල අනධ්‍යන කාර්ය මණ්ඩලයෙන් ඉල්ලා සිටින බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් මහතා සඳහන් කළේය.
2024 වර්ෂය තුළ නව සිසුසැරිය සේවා 500ක් ආරම්භ කිරීම සඳහා අවශ්‍ය රුපියල් මිලියන 202ක ප්‍රතිපාදන ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් උපයාගනු ලබන අරමුදලින් වෙන් කර ගැනීම සඳහා ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.
නව ආර්ථිකයක් සමඟ රට ඉදිරියට ගෙන යාමේදි නවීන තාක්ෂණය සමඟ එක් වූ දියුණු අධ්‍යාපන ක්‍රමයක් ද අවශ්‍ය බවත්, ඒ සඳහා වූ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මේ වන විට රට තුළ සිදු කරමින් තිබෙන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
2025 වර්ෂයේ දී රජයේ පාසල්වල පළමුවන ශ්‍රේණියට තම දරුවන් ඇතුළත් කිරීමට බලාපොරොත්තු වන දෙමාපියන්/නීත්‍යනුකූල භාරකරුවන් ලබා දී ඇති උපදෙස් හා ලබා දී ඇති ආකෘති පත්‍රයට අනුව සකස් කළ අයදුම්පත් අදාළ සියලු ලේඛන සමඟ තමන්ට අදාළ වන පාසල්වල ප්‍රධානීන් වෙත 2024 ජුලි 31 ට ප්‍රථම ලැබෙන සේ ලියාපදිංචි තැපෑලෙන් ඉදිරිපත් කළ යුතු වේ.
උපදෙස් චක්‍රලේඛය ලබා ගැනීමට පිවිසෙන්න
Sinhala
https://moe.gov.lk/wp-content/uploads/2024/06/27/Grade_one_circular_2025_S.pdf
Tamil
https://moe.gov.lk/wp-content/uploads/2024/06/27/Grade_one_circular_2025_T.pdf
Page 44 of 646