එම නිවේදනය පහතින් දැක්වේ.
කැණීම් කටයුත්තක් හේතුවෙන් බොරැල්ල ප්‍රදේශයේ රථවාහන ගමනාගමනය සීමා කිරීමට සිදුව ඇති බව පොලීසිය නිවේදයන් නිකුත් කරමින් සඳහන් කරයි.
2024.08.14 දින පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 40 දෙනෙකු අද (14) වන විට ඇප මුදල් තැන්පත් කර තිබෙන බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. එම නම් ලැයිස්තුව පහත සඳහන් පරිදි වේ.
කළු ගඟෙහි කුඩා ගඟ උප ද්‍රෝණියේ ඉහළ ධාරා ප්‍රදේශවලට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇති නිසා ඉදිරි පැය 48ක් දක්වා වූ කාලය තුළ බුලත්සිංහල, මදුරාවල හා පාලින්ද නුවර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්හි පහත් බිම් වලට ගංවතුර අවධානම් තත්ත්වයක් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අද (17) පෙරවරුවේ නිවේදනයක් නිකුත් කරමින් අනතුරු ඇඟවීමක් කළේය.
රාජ්‍ය සේවයේ ප්‍රාථමික හැර අනෙකුත් සියලුම සේවා කාණ්ඩ වල විධිමත් තරඟ විභාග හා සම්මුඛ පරීක්ෂණ ක්‍රම මගින් පමණක් රාජ්‍ය සේවයට බඳවා ගැනීම කළ යුතු බවට නිර්දේශ කර ඇතැයි ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
මාර්ග ගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ (සංශෝධන) පනත් ගැටුම්පත පාර්ලිමේන්තුවට අද (8) ඉදිරිපත් කෙරිණ.
පවතින අයහපත් කාලගුණය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 03ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හතකට නායයාමේ පූර්ව අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ.
පින්නවල කිතුල්ගල සංචාරක තීරය සංවර්ධනය කිරීමේ වැඩසටහනට අදාලව හඳුනාගෙන ඇති ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම පිණිස ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
සියලුම රජයේ විශ්‍රාමිකයින් වෙත රුපියල් 3000/-ක විශේෂ අන්තර්කාලීන දීමනාවක් ගෙවීම 2024 සැප්තැම්බර් මස සිට ක්‍රියාත්මක වන පරිදි චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.
එම නිවේදනය පහතින් දැක්වේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් වැඩබලන අභියාචනාධිකරණ සභාපතිවරයා වශයෙන් අභියාචනාධිකරණ විනිසුරු ආර්. එම්. සෝභිත රාජකරුණා මහතා පත්කර තිබේ.
ජල ගාස්තු සංශෝධනනය කිරීම වෙනුවෙන් ජලසම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා ඉදිරිපත් කරන ලද යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවී ඇති බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන හා මහාමාර්ග, ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල මහතා පවසයි.
පැඟිරිවත්ත දුම්රිය ස්ථානයේ සිට පාදුක්ක දුම්රිය ස්ථානය දක්වා කැලණිවැලි දුම්රිය මාර්ග රක්ෂිතයේ පදිංචිව සිටින අනවසර පදිංචිකරුවන්ට නිවාස පහසුකම් ලබා දීම වෙනුවෙන් විෂය භාර අමාත්‍යවරයා ලෙස තමා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි වී ඇති බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන හා මහාමාර්ග, ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
2024 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල සිංහල හා දෙමළ පාසල් සඳහා දෙවන පාසල් වාරය අදින් (16) අවසන් වන අතර තෙවන පාසල් වාරයේ පළමු අදියර 2024.08.26 වන සඳුදා දින ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
ජනාධිපතිවරණය 2024 සඳහා නාම යෝජනා භාර දීම 2024.08.15 වන දින මැතිවරණ මහා ලේකම් කාර්යාලයේ දී සිදු කිරීමට අදාළව රථ වාහන සැලැස්ම පිළිබඳව පොලිස් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත.
2024 වර්ෂය සඳහා ජාතික පාසල්වල අතරමැදි පන්තිවලට චක්‍රලේඛය අනුව ළමුන් ඇතුළත් කිරීම අවසන් කර ඇත. 2024-07-26 දින ජනාධිපති මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් ළමුන් ඇතුළත් කිරීමට ලිපි නිකුත් කිරීම හෝ නිලධාරීන් ස්ථාන මාරු කිරීම අත්හිටුවා ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
2024 ජනාධිපතිවරණයට අදාළ නාමයෝජනා භාරගැනීම රාජගිරියේ පිහිටි මැතිවරණ ලේකම් කාර්යාලයේදී අද පෙරවරුවේ (15) සිදු කෙරිණි.
2024 ජනාධිපතිවරණය සඳහා අද (05) වන විට 17 දෙනෙකු ඇප මුදල් තැන්පත් කර තිබෙන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
Page 35 of 640