Monday, August 10, 2026
Follow Us
කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශයට නව ලේකම්වරියක්

කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශයේ ලේකම් ලෙස කේ.ඩී.ආර්. ඔල්ගා මහත්මිය පත් කර තිබේ. 

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මෙම පත් කිරීම සිදුකර ඇත.

ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් අද (02) ජනාධිපති කාර්යාලයේදී ඒ මහත්මිය වෙත භාර දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.