Wednesday, February 04, 2026
Follow Us
කොළඹ ජාතික අක්ෂි රෝහලේ වර්ජනය අත්හිටුවයි

කොළඹ ජාතික අක්ෂි රෝහලේ අද  (14) පෙරවරු 8.00 සිට පස්වරු 4.00 දක්වා සංකේත එක්දින වැඩ වර්ජනයක් සිදු කිරීමට තීරණය කර තිබුණත් එය තාවකාලිකව අත්හිටුවා රෝහලේ ප්‍රතිකාර කටයුතු සාමාන්‍ය පරිදි සිදු කිරීමට තීරණය කල බව රෝහල් බලධාරීන් ප්‍රකාශ කරයි.

 

ඔවුන් එම තීරණය ගනු ලැබුවේ අද දින(14) පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා සමඟ පැවති විශේෂ සාකච්ජාවකදීය. රෝහලේ පවතින ගැටලු වලට කඩිනම් විසදුම් ලබා දීමට කටයුතු කරන බව සෞඛ්‍ය ලෙක්ම්වරයා මෙහිදී ප්‍රකාශ කළේය.

මෙම සාකච්ජාමය අවස්ථාවට කොළඹ ජාතික අක්ෂි රෝහලේ අධ්‍යක්ෂ ඒ.ආර්.එම් තවුෆික්, නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ජී.පී.බටවල යන මහත්වරුන් හා  අක්ෂි රෝග වි‌ශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන් ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලයේ පිරිසක් සහභාගී වුහ.