Thursday, June 25, 2026
Follow Us
"නම් කියවෙන අය මීළඟට කැඳවන්න වෙනවා"

හිටපු පොලිස්පති එන්. කේ. ඉලංගකෝන් සහ තවත් රජයේ නිලධාරීන් කිහිපදෙනෙකු ඉදිරියේදී පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට කැඳවීමට තීරණය කර තිබෙනවා.

නෙත් නිවුස් කළ කරුණු විමසීමක දී එම කාරක සභාවේ සාමාජික, පාර්ලිමේන්තු මන්ත‍්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මේ බව කියා සිටියා.

එහිදී "ඔවුන් සම්බන්ධයෙන් යම් යම් තොරතුරු මේ සාක්ෂි විභාගයේදී කියවෙනකොට ඒ අය ඉදිරියේදී කැඳවීමට සිදු වෙනවා. මේ අතර සංවිධාන කිහිපයක් මේ සිද්ධිය සම්බන්ධයෙන් සාක්ෂි දෙන්න කැමතියි කියලා ඉල්ලලා තියෙනවා. " යනුවෙන් සඳහන් කළා.

(Neth)