Monday, February 02, 2026
Follow Us
හිස්බුල්ලා ඉල්ලා අස්විමේ ලිපිය භාරදෙයි

නැගෙනහිර පලාත් ආණ්ඩුකාර එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා සිය ආණ්ඩුකාර ධුරයෙන් ඉල්ලා අස්විම සදහා වන ලිපිය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත ඊයේ (02) සවස භාරදුන් බව ජනාධිපති ලේකම් කාර්යාලයේ ජේෂ්ඨ නිලධාරියෙක් nethnews.lk වෙත ප්‍රකාශ කර සිටියා.

හිස්බුල්ලා ආණ්ඩුකාරවරයාගේ ධුරයෙන් ඉවත් විමේ ලිපිය ජනාධිපතිවරයා විසින් පිලිගත් බවයි එම ප්‍රකාශකයා සදහන් කර සිටියේ.

මේ අතර අමාත්‍ය රිෂාඩ් බදුර්දීන්ටද ඔහුගේ අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වන ලෙසට දැනුම් දෙන්නැයි ජනාධිපතිවරයා විසින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට දන්වා ඇති බවයි ජනාධිපති ලේකම් කාර්යාලයේ ජේෂ්ඨ නිලධාරියා වැඩිදුරටත් සදහන් කර සිටියේ.

(Neth)