Wednesday, July 01, 2026
Follow Us
ජලභීතිකා රෝගය තුරන් කිරීමට පියවර
ජලභීතිකා රෝගය පිළිබඳ ආඥාපනත සහ (477 වන අධිකාරය වූ) සුනඛයින් ලියාපදිංචි කිරීමේ ආඥාපනත ඒකාබද්ධ කර, සුනඛ ගහනය පාලනය කිරීම, සුනඛයින් සඳහා ජලභීතිකා එන්නත් ලබා දීම විධිමත් කිරීම හා අනිවාර්ය කිරීම, සුනඛයින් ලියාපදිංචි කිරීම නීතිමය වශයෙන් ශක්තිමත් කිරීම, එම කාර්යයන් සඳහා වගකිව යුතු ආයතනවල බලතල හා වගකීම් පැහැදිලි කිරීම සහ එකී වගකීම් ක්රියාත්මක කිරීමේ යාන්ත්රණයක් ස්ථාපිත කිරීම යන කාර්යයන් අරමුණු කර ගනිමින් පනත් කෙටුම්පතක් සකස් කිරීම පිණිස 2025-09-22 දින පැවති අමාත්ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ.
 
ඒ අනුව, නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති ජලභීතිකා රෝගය තුරන් කිරීමේ සහ සුනඛයින් ලියාපදිංචි කිරීමේ පනත් කෙටුම්පත සඳහා නීතිපතිගේ නිෂ්කාශනය ලැබී ඇත.
එකී පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටත් අනුමැතිය ලැබී තිබේ.