Wednesday, July 01, 2026
Follow Us
රජය මිලදී ගන්න යන වාහන මෙන්න
අදාළ ආයතන සතුව පවතින උපයෝගිතා වාහන වල හිඟය රජයේ සංවර්ධන ව්යාපෘති කාර්යක්ෂමව හා ඵලදායීව ක්රියාත්මක කිරීම සඳහා දැඩි බාධාවක් වී ඇති බව හඳුනාගනු ලැබ ඇත.
 
ඒ අනුව, පහත සඳහන් උපයෝගිතා වාහන කඩිනමින් මිල දී ගැනීම පිණිස ප්රසම්පාදන ක්රියාවලිය ආරම්භ කිරීම සඳහා මුදල්, ක්රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත.
 
ට්රැක්ටර් - 175
ගලි බවුසර් - 100
බැකෝ යන්ත්ර - 100
ටිපර් රථ - 160