මහනුවර ජාතික රෝහල සඳහා සෘණ පීඩන ඒකලන කාමර (negative pressure isolation rooms) 50කින් සමන්විත පෙර - සැකසූ (pre-fabricated) සිව්මහල් ගොඩනැගිල්ලක් ඉදිකිරීමේ ව්යාපෘතියේ වැඩ අවසන් කිරීමට හැකි වන පරිදි ව්යාපෘතියේ මුළු පිරිවැය ඇස්තමේන්තුව රුපියල් මිලියන 1,094.22 ක් ලෙස සංශෝධනය කිරිමටත්, ව්යාපෘති කාලය 2027-12-31 දක්වා දීර්ඝ කිරීමටත් සෞඛ්ය හා ජනමාධ්ය අමාත්යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්ය මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.
2021 වසරේ කොවිඩ් - 19 වසංගතය ව්යාප්ත වූ කාලය තුළ ඇමෙරිකානු ඩොලර් මිලියන 1.2 ක (ආසන්න වශයෙන් රුපියල් මිලියන 236ක) ඇස්තමේන්තු පිරිවැයකට ආරම්භ කර ඇත.
එම ව්යාපෘතිය සාර්ක් සංවර්ධන අරමුදලේ ප්රදානයක් මඟින් මූල්ය කරණය කර තිබේ.
ව්යාපෘතිය ක්රියාත්මක වෙමින් පවතින අතරතුර, සාර්ක් සංවර්ධන අරමුදලේ එකඟතාව මතඒ කලන කාමර 50 සිට 23 දක්වා අඩු කිරීමටත්, ඇඳන් 25 කින් යුත් පිරිමි වාට්ටුවක් සහ ඇඳන් 20 කින් යුත් ගැහැනු වාට්ටුවක් ඉදිකිරීමටත්, ඒ අනුව මුළු ඇඳන් ධාරිතාව 50 සිට 68 දක්වා වැඩි කිරීමටත් හැකි වන පරිදි ව්යාපෘතියේ මුල් විෂය පථය සංශෝධනය කරනු ලැබ ඇත.
මේ දක්වා ව්යාපෘතියේ රුපියල් මිලියන 282.24 ක ඉදිකිරීම් වැඩ කටයුතු අවසන් කර තිබේ.