Monday, June 22, 2026
Follow Us
 JICA ආයතනයෙන් යෙන් මිලියන 400ක අතිරේක ප්‍රදානයක්
මෙරට රූපවාහිනී ක්ෂේත්රයේ දැවැන්තම තාක්ෂණික විප්ලවය සනිටුහන් කරමින් ක්රියාත්මක වන ජාතික ඩිජිටල් රූපවාහිනී විකාශන ව්යාපෘතිය (Digital TV Project) කඩිනම් කිරීම සහ ඒ ආශ්රිතව පවතින ගැටලු නිරාකරණය කරගැනීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් පසුගියදා (ජූනි 18) මුදල් අමාත්යාංශයේදී සාර්ථකව පැවැත්විණි. මෙම විශේෂ සාකච්ඡාව ඩිජිටල් ආර්ථික අමාත්යාංශය සහ මුදල් අමාත්යාංශය යටතේ ක්රියාත්මක වන (ERD) විදේශ සම්පත් දෙපාර්තමේන්තු අතර පවත්වන ලදී.
මෙම සාකච්ඡාව කම්කරු අමාත්ය හා මුදල් සහ ක්රමසම්පාදන නියෝජ්ය අමාත්ය ආචාර්ය අනිල් ජයන්ත ප්රනාන්දු සහ ඩිජිටල් ආර්ථික නියෝජ්ය අමාත්ය ඉංජිනේරු එරංග වීරරත්න යන අමාත්යවරුන්ගේ ප්රධානත්වයෙන් පැවැත්විණ.
සැලසුම්ගත පරිදි එළඹෙන 2029 වසරේදී මෙරට ඩිජිටල් රූපවාහිනී සේවාව නිල වශයෙන් ජනතාව වෙත මුදාහැරීමට මෙහිදී තීරණය වූ අතර, ව්යාපෘතියේ ඉදිරි ඉදිකිරීම් සහ තාක්ෂණික කටයුතු කිසිදු බාධාවකින් තොරව වේගවත් කිරීමට අවශ්ය මූල්ය හා පරිපාලනමය ක්රියාමාර්ග පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් කරුණු සමාලෝචනය කෙරිණි. මීට අමතරව, මෙම ප්රධාන ඩිජිටල්කරණ ව්යාපෘතිය සාර්ථක කරගැනීම සඳහා විශේෂිත තාක්ෂණික සහයෝගිතා ව්යාපෘතියක් (Technical Cooperation Project) ක්රියාත්මක වන බව ද මෙහිදී අනාවරණය විය.
 
මෙම තාක්ෂණික සහයෝගිතාවය යටතේ ජපාන ජාත්යන්තර සහයෝගිතා ආයතනය (JICA) මඟින් යෙන් මිලියන 400ක සුවිශේෂී ප්රදානයක් (Grant) ශ්රී ලංකා රජය වෙත පිරිනැමීමට නියමිතය. මෙම අතිරේක ප්රදානයේ ප්රධානතම අරමුණ වන්නේ ඩිජිටල් රූපවාහිනී ව්යාපෘතියේ ප්රගතිය සාර්ථකව නිම කිරීමෙන් පසුව, මෙම නවීන තාක්ෂණික සේවාව පිළිබඳව සමස්ත ශ්රී ලාංකේය ජනතාව සහ පාරිභෝගිකයින් සක්රීයව දැනුවත් කිරීමේ ජාතික වැඩපිළිවෙළක් ක්රියාවට නැංවීම සඳහා රජයට අවශ්ය පූර්ණ සහයෝගය ලබාදීමයි.
මෙම අවස්ථාව සඳහා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ (TRCSL) අධ්යක්ෂ ජනරාල් එයාර් වයිස් මාර්ෂල් බන්දුල හේරත් (විශ්රාමික), ඩිජිටල් රූපවාහිනී ව්යාපෘති අධ්යක්ෂ ප්රසංග රාජපක්ෂ යන මහත්වරුන් සහ ඩිජිටල් ආර්ථික අමාත්යාංශය නියෝජනය කරමින් ගයාන් වීරසිංහ මහතා ඇතුළු විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සහ මුදල් අමාත්යාංශයේ ජ්යේෂ්ඨ රාජ්ය නිළධාරීන් පිරිසක් එක්ව සිටියහ.