2025 අපොස සාමාන්‍ය පෙළ විහාගයෙන් උසස් පෙළට සිසුන් 225,748 සුසුසුකම් ලබා ඇති බව විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස් ඉන්දිකා කුමාරි සඳහන් කළාය.
සා.පෙළ ප්‍රතිඵල නිකුත් කිරීම පිළිබඳ දැනුම්වත් කිරීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඇය මේ බව සඳහන් කළ අතර සියලුම විෂයන් සඳහා A සාමාර්ථ ලබාගත් විභාග අපේක්ෂකයන් සංඛ්‍යාව 11,790ක් වන බව සඳහාන් කළා ය.
එමෙන්ම විද්‍යාව සහ ගණිතය විෂයන් සමත් ප්‍රමාණය පසුගිය වසරට සාපේෂව ඉහළගොස් ඇති බව සඳහන් කළ ඇය මෙවර 70.1%ක් විද්‍යාව සමත් ඇති බවත් පසුගිය වසරේ එය 69.07%ක්ව තිබූ බවත් පෙන්වා දුන්නාය.
එසේම ගණිතය විෂය මෙවර 72.03%ක් සමත් වී ඇති අතර, පසුගිය වසරේ එය 71.06%කි.