රත්නපුර ශික්ෂණ රෝහල හි නව ළමා වාට්ටු සංකීර්ණයේ සිව්වන මහලේ “ළමා දැඩි සත්කාර ඒකකය” ඉදිකිරීම සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ දේශීය පරිත්‍යාගශීලීන් අතර අවබෝධතා ගිවිසුමකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.
මෙම ව්‍යාපෘතිය සඳහා ඇස්තමේන්තුගත මුළු පිරිවැය රුපියල් මිලියන 64.15ක් වන අතර, එම මුදල් දේශීය පරිත්‍යාගශීලීන්ගෙන් ලබා ගැනීමට සැලසුම් කර ඇත.
2016 දී ආරම්භ කළ ළමා වාට්ටු සංකීර්ණයේ ගොඩනැඟිල්ලේ ඉදිකිරීම් මේ වන විට තෙවන මහල දක්වා අවසන් කර ඇති අතර, දැඩි සත්කාර ඒකකය සඳහා සිව්වන මහල ඉදිකිරීමට නව මූල්‍ය සහයෝගය ලැබී ඇත.