වයස අවුරුදු 20 න් පහළ ආසියානු ශූරතා මලල ක්රීඩා තරගාවලියේ මීටර 1500 කාන්තා ඉසව්වේ රන් පදක්කම ශ්රී ලංකාවේ තරුෂි අභිශේකා හිමි කර ගත්තාය. එම තරගාවලිය පැවැත්වුණේ හොංකොංහි පැවැති අතර තරගාවලිය මෙවර සංවිධාන කර තිබෙන්නේ 22 වැනි වරටයි.
එහි රිදී පදක්කම ඉරානයටත්, ලෝකඩ පදක්කම කොරියාවටත් හිමි වූ අතර මෙවර තරගාවලිය සඳහා ශ්රී ලංකාව නියෝජනය කරමින් ක්රීඩක ක්රීඩිකාවන් 22 දෙනෙකු සහභාගි වේ. තරගාවලිය ලබන 31 වැනිදා දක්වා පැවැත්වේ.