සුරකිමු ලංකා' බලශක්ති සුරක්ෂිතතා ජාතික මෙහෙයුම නමින් ඒකාබද්ධ වැඩසටහනක් ක්රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.
බල ශක්ති සැපයුම පොසිල ඉන්ධන මත සැලකිය යුතු ලෙස රඳා පැවතීම, අනපේක්ෂිත වියළි කාලගුණික තත්ත්ව, භූ දේශපාලනික අස්ථාවර තත්ත්වයන් මත වරින්වර ඉන්ධන සැපයුම අඩාල වීම, ජාත්යන්තර වෙළෙඳපොළෙහි ඉන්ධන මිල උච්ඡාවචනය වීම ආදී හේතූන් මත මෙරට බලශක්ති සුරක්ෂිතතාව අභියෝගයට ලක්ව තිබේ.
එකී සියලු සාධක මත ඉහළ යන ඉන්ධන ආනයන වියදම ජාතික ආර්ථිකය මත ඇති කරන අතිරේක පීඩනය, විදුලි පාරිභෝගිකයින්ගේ අක්රමවත් විදුලි පරිභෝජන රටාව හේතුවෙන් තවදුරටත් තීව්ර වන බව හඳුනා ගෙන ඇත.
ඒ් නිසා එම තත්ත්වය නිසි ලෙස කළමනාකරණය කිරීම සඳහා වැඩි පුනර්ජනනීය බලශක්ති ජනනයක් ඇති කාලපරාසවලට විදුලි පරිභෝජනය හැකිතාක් යොමු කිරීම සඳහා හා බලශක්ති පරිභෝජන කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා මහජනතාවගේ චර්යාත්මක වෙනස්වීම් ද අත්යවශ්ය බව හඳුනා ගෙන තිබේ.
ඒ් අනුව ජනාධිපති කාර්යාලය, බලශක්ති අමාත්යාංශය, ශ්රී ලංකා සුනිත්ය බලශක්ති අධිකාරිය, ක්ලීන් ශ්රී ලංකා ලේකම් කාර්යාලය ප්රමුඛ සියලු රාජ්ය ආයතන, රාජ්ය සංස්ථා, ව්යවස්ථාපිත මණ්ඩල, පෞද්ගලික අංශය හා මහජනතාව සමඟ එක්ව මෙම වැඩසටහන ක්රියාත්මක කිරීමට නියමිතය.