Monday, March 30, 2026
Follow Us
විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කිරීමට මාර්ගෝපදේශ නිකුත් කෙරේ

විදුලිය හා බලශක්තිය අරපිරිමැස්මෙන් භාවිත කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය හා ව්‍යවස්ථාපිත අයතනවලට අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා විසින් මාර්ගෝපදේශ නිකුත් කර තිබේ

ඒ අනුව පහත සඳහන් පියවර අනුගමනය කරන ලෙසයි ඔහු දන්වා සිටින්නේ. 

අනුගමනය කළ යුතු ප්‍රධාන පියවර:

  • ප.ව. 3.00 ට: සියලුම රාජ්‍ය සහ ව්‍යවස්ථාපිත ආයතනවල වායු සමීකරණ යන්ත්‍ර අක්‍රිය කිරීම. (පෞද්ගලික අංශයටද මෙයට සහාය වන ලෙස ඉල්ලා සිටී.)

  • ප.ව. 6.00 - 10.00: වීදි ලාම්පු නිවා දැමීමට පළාත් පාලන ආයතන පියවර ගැනීම.

  • ප.ව. 8.00 න් පසු: ප්‍රදර්ශන පුවරු සහ දැන්වීම් පුවරු සඳහා වන විදුලි ආලෝකය නිවා දැමීම.

  • විශාල උත්සව: පුද්ගලයන් 100 කට වැඩි සහභාගිත්වයෙන් පවත්වන උත්සව සඳහා ජාතික විදුලි පද්ධතියෙන් බැහැරව විදුලිය සපයා ගැනීම.

අරපිරිමැස්මෙන් විදුලිය භාවිත කර රටේ අනාගතය සුරකිමු