මැද-පෙරදිග කලාපයේ උද්ගතව ඇති යුදමය තත්ත්වය හේතුවෙන් ඉදිරියේදී මෙරටට ඉන්ධන ආනයනය කිරීමේදී බාධා මතු විය හැකි බැවින්, දැනට පවතින ඉන්ධන සංචිත අරපිරිමැස්මෙන් භාවිත කිරීම සියලුම රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ ආයතනවල වගකීමක් වන බවත් ඒ අනුව පහත සඳහන් මාර්ගෝපදේශ කඩිනමින් ක්‍රියාත්මක කළ යුතු බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් බී. කේ. ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා මාර්ගෝපදේශයක් නිකුත් කරමින් සඳහන් කරයි.
කාර්යාල කාර්ය මණ්ඩල ප්‍රවාහනය සහ ඉන්ධන කළමනාකරණය
-
ප්‍රවාහන ක්‍රමවේද: නිලධාරීන් රාජකාරි සඳහා පැමිණීමේදී තනි තනි වාහන භාවිතය වෙනුවට හැකි සෑම විටම පොදු ප්‍රවාහන සේවා හෝ කණ්ඩායම් ප්‍රවාහන ක්‍රමවේද (Carpooling) භාවිතා කළ යුතුය.
-
දෛනික සැලසුම්: ක්ෂේත්‍ර රාජකාරි සඳහා අවම වාහන සංඛ්‍යාවක් භාවිතයට ගත හැකි පරිදි දෛනික ප්‍රවාහන සැලසුම් සකස් කළ යුතු අතර, එය මාණ්ඩලික නිලධාරියෙකුගේ අධීක්ෂණයට යටත් විය යුතුය.
-
තාක්ෂණික භාවිතය: රැස්වීම් සහ සාකච්ඡා සඳහා Zoom, Google Meet, MS Teams හෝ WhatsApp වැනි තාක්ෂණික ක්‍රමවේද අනිවාර්යයෙන් භාවිතා කළ යුතුය.
-
ලිපිලේඛන හුවමාරුව: සියලුම තොරතුරු හුවමාරුව සඳහා විද්‍යුත් තැපෑල (E-mail) හෝ WhatsApp භාවිතා කළ යුතු අතර භෞතිකව ලිපිලේඛන ප්‍රවාහනය අවම කළ යුතුය.
-
ඉතිරි කිරීමේ ඉලක්කය: රජය සතු වාහන 92,000 මගින් දිනකට වාහනයකින් ලීටරයක් බැගින් ඉතිරි කළහොත් වසරකට ඉන්ධන ලීටර් මිලියන 110 ක් පමණ ඉතිරි කරගත හැකිය.
විදුලිය සහ බල ශක්ති සංරක්ෂණය
-
ආලෝකය: ස්වාභාවික ආලෝකය හෝ Sky lights (Solar tube type ආදිය) හැකි සෑම විටම භාවිතා කළ යුතුය. රාත්‍රී කාලයේදී අවශ්‍යම ස්ථානවල පමණක් විදුලිය දැල්වීමට පියවර ගත යුතුය.
-
වායු සමීකරණ (AC):
-
හැකි සෑම විටම AC වෙනුවට විදුලි පංකා භාවිතා කළ යුතුය.
-
රාජකාරි වේලාව තුළ දිනකට අවම වශයෙන් පැය 01/02 ක් වත් AC යන්ත්‍ර අක්‍රීය කිරීම අනිවාර්ය වේ.
-
AC යන්ත්‍රවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 26 හෝ ඊට වැඩි අගයක පවත්වා ගැනීම අනිවාර්ය වේ.
-
-
වෙනත් සීමා කිරීම්:
-
විදුලි සෝපාන (Lifts) භාවිතය අවම කර පියගැට පෙළ භාවිතා කිරීම ප්‍රවර්ධනය කළ යුතුය.
-
ප.ව. 09.00 න් පසු වෙළඳ දැන්වීම් පුවරු සහ තිර අක්‍රීය කළ යුතුය.
-
දිවා කාලයේදී ආයතනවල ඇති රූපවාහිනී යන්ත්‍ර අක්‍රීය කළ යුතුය.
-
ආයතනික මෙහෙයුම් ක්‍රියාපටිපාටි
-
මාර්ගගත සේවා (Online): තාක්ෂණික පහසුකම් පවතින්නේ නම්, කාර්ය මණ්ඩලය කාර්යාලයට නොකැඳවා මාර්ගගත ක්‍රමවේද හරහා සේවය ලබා ගැනීමට කටයුතු කළ යුතුය.
-
කාර්යාල වසා තැබීම: අත්‍යවශ්‍ය අවස්ථාවකදී හැර නියමිත රාජකාරි වේලාවෙන් පසුව සහ සති අන්ත දිනවල කාර්යාල වසා තැබීමට වගබලා ගත යුතුය.
-
අධීක්ෂණය: පසුගිය මාසයට සාපේක්ෂව විදුලිය සහ ඉන්ධන ඉතිරි කිරීම පරීක්ෂා කිරීමට සෑම ආයතනයක්ම විශේෂ අධීක්ෂණ සහ ඇගයීමේ ක්‍රමවේදයක් සකස් කළ යුතුය.