Friday, March 20, 2026
Follow Us
QR ගැටලු ඉදිරිපත් කරන්න WhatsApp අංකයක්
ජාතික ඉන්ධන බලපත්රය ( National Fuel Pass) පද්ධතිය භාවිතා කිරීමේදී පාරිභෝගිකයින් මුහුණ දෙන තාක්ෂණික ගැටලු සහ ලියාපදිංචි වීමේදී ඇතිවන බාධාවන් කඩිනමින් විසඳා දීම සඳහා විශේෂ සහාය සේවාවක් ආරම්භ කර ඇති බව ඩිජිටල් ආර්ථික අමාත්යංශය නිවේදනය කරයි.

 

ඔබේ වාහනය ලියාපදිංචි කිරීමේදී මතුවිය හැකි ඕනෑම ගැටලුවක් සදහා තාක්ෂණික සහාය ලබාදීමට මෙය ස්ථාපිත කර ඇත. ලියාපදිංචියේදී ජනතාවට ඇතිවන ගැටලු සම්බන්ධයෙන් සහාය ලබාගැනීම සදහා කරුණාකර 076 019 1919 WhatsApp ඔස්සේ පණිවිඩයක් යොමුකළ යුතුය.
 
මෙම සේවාව මගින් අවශ්ය මගපෙන්වීම් සහ තාක්ෂණික සහාය ලබාදෙනු ඇත. වංචනික ක්රියාවන් හෝ පද්ධතිය අවභාවිත කරන්නන් පිළිබද තොරතුරු ද මෙම අංකය හරහා දැනුම් දිය හැකිය. සියලු දෙනාටම සාධාරණව ඉන්ධන ලබාදීමේ රජයේ වැඩපිළිවෙල සාර්ථක කරගැනීමට සැමගේ සහාය අපේක්ෂා කරයි.
 
ලියාපදිංචි වීමට රජය විසින් අනුමත කරන ලද නිල වෙබ් අඩවිය පමණක් භාවිතා කරන්න. https://fuelpass.gov.lk/