Wednesday, March 18, 2026
Follow Us
කැලණි ගඟ සුරැකීමේ ශ්‍රී ලංකාව සහ ජපානය එක්වූ දත්ත ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය
මෙරට පරිසර කළමනාකරණ සහ අධීක්ෂණයේ වැදගත් පියවරක් තබමින්, "ජලජ පරිසරය නිරීක්ෂණය සඳහා වන දැවැන්ත දත්ත පද්ධතිය සහ දත්ත පදනම් කරගත් ප්රතිපත්ති ක්රියාත්මක කිරීමේ ව්යාපෘතිය” ක්රියාත්මක කිරීම සඳහා පසුගියදා (16) කැබිනට් අනුමැතිය හිමිවිය.

 

2026 සිට 2031 දක්වා වසර පහක කාලයක් පුරා ක්රියාත්මක වන මෙම ව්යාපෘතියේ සම්පූර්ණ වටිනාකම රුපියල් මිලියන 646කි. මෙය මධ්යම පරිසර අධිකාරිය, මොරටුව විශ්වවිද්යාලය සහ ජපානයේ ටොහොකු (Tohoku) විශ්වවිද්යාලය එක්ව ක්රියාත්මක කරන ඒකාබද්ධ ප්රයත්නයකි. ජපාන ජාත්යන්තර සහයෝගිතා ආයතනයේ (JICA) මූල්ය හා තාක්ෂණික දායකත්වයෙන්, SATREPS වැඩසටහන යටතේ ක්රියාත්මක වන මෙම ව්යාපෘතියේ ප්රධාන අරමුණ වන්නේ ශ්රී ලංකාවේ ජල සම්පාදනය, විදුලි උත්පාදනය සහ කර්මාන්ත ක්ෂේත්රයේ වැදගත් ස්ථානයක් වන කැලණි ගඟ ද්රෝණිය කළමනාකරණය කිරීමේ ක්රියාවලිය නවීකරණය කිරීමයි.
දැනට මධ්යම පරිසර අධිකාරිය විසින් ස්ථාන 17කදී ජලයේ ගුණාත්මකභාවය නිරීක්ෂණය කළද, මෙම නව දත්ත පද්ධතිය මඟින් නවීන තාක්ෂණය භාවිතයෙන් තත්කාලීන (Real-time) සහ ඉතා නිවැරදි දත්ත ලබා ගැනීමට හැකි වේ. කෘතිම බුද්ධිය (AI), යන්ත්ර ඉගෙනීම (Machine Learning) සහ සංඛ්යාත්මක ආකෘති (Numerical Modeling) භාවිතයෙන් ගංගාව දූෂණය වන නිශ්චිත මූලාශ්ර හඳුනා ගැනීමට මෙහිදී අවස්ථාව සැලසේ.
මෙම ව්යාපෘතිය සඳහා මොරටුව විශ්වවිද්යාලය තුළ "ජලජ පරිසර දත්ත සංවිධාන මධ්යස්ථානයක්" (Water Environmental Data Organizing Center) තාක්ෂණික කේන්ද්රස්ථානයක් ලෙස ස්ථාපිත කරන අතර නීතිමය බලාත්මක කිරීම සිදු කෙරේ. පාරිසරික ආරක්ෂණ බලපත්ර (EPL) ක්රියාවලියට මෙම දත්ත සම්බන්ධ කිරීම හරහා, විද්යාත්මක සාක්ෂි පදනම් කරගනිමින් මධ්යම පරිසර අධිකාරියට නෛතික කටයුතු කිරීම සඳහා බලය හිමිවේ. මෙම පද්ධතිය පවත්වාගෙන යාම සඳහා මධ්යම පරිසර අධිකාරිය, ජල සම්පත් මණ්ඩලය සහ මොරටුව විශ්වවිද්යාලයේ නිලධාරීන්ට ජපාන විශේෂඥයින් විසින් විශේෂ පුහුණුවක් ලබා දෙනු ඇත.
දේශගුණික විපර්යාස සහ වේගවත් නාගරීකරණය හමුවේ කැලණි ගඟ නිසි ලෙස කළමනාකරණය කිරීම අත්යවශ්ය කරුණක්ව සළකමින් බව ගිවිසුමට අත්සන් තැබීය.
මෙම ව්යාපෘතිය කැලණි ගඟ සුරැකීමට පමණක් නොව, ඉදිරියේදී දිවයිනේ අනෙකුත් ප්රධාන ගංගා ද්රෝණි නිරීක්ෂණය කිරීම සඳහා ද ආදර්ශමත් සැලසුමක් වනු ඇත.
ව්යාපෘතියේ කටයුතු කාර්යක්ෂමව පවත්වාගෙන යාම සඳහා මධ්යම පරිසර අධිකාරියේ පරිසර ආරක්ෂණ අංශය යටතේ විශේෂ ඒකකයක් ස්ථාපිත කිරීමට නියමිත අතර, ඒකාබද්ධ සම්බන්ධීකරණ කමිටු හරහා මෙම තත්කාලීන දත්ත ජාතික ප්රතිපත්ති බවට පරිවර්තනය කිරීමට කටයුතු යොදනු ලැබේ. නව රජයේ තිරසර ජෛව ගෝලයක් සදාහරිත ජීවිතයක් ප්රතිපත්ති ප්රකාශය ක්රියාත්මක කරමින් පාරිසරික සංරක්ෂණ ක්රියාවලිය සඳහා විශේෂ වැඩපිළිවෙළ රාශියක් කඩිනමින් ක්රියාත්මක කරනු ලබන අතර පරිසර අමාත්යවරයා විසින් මෙම ව්යාපෘතිය ආරම්භ කිරීම සඳහා ඉදිරිපත් කරන ලද කැබිනට් පත්රිකාව සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවිය.