ජාත්‍යන්තර පාසල්, පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතන සහ වෘත්තීය අධ්‍යාපන ආයතන සඳහා නිවාඩු ලබා දීම සම්බන්ධයෙන් උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා නිවේදනයක් නිකුත් කර තිබේ.
උද්ගතව පවතින ඉන්ධන අර්බුදය හමුවේ බලශක්තිය සුරැකීම සහ අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාම සඳහා සෑම බදාදා දිනයක්ම රාජ්‍ය ආයතන සඳහා නිවාඩු දිනයක් බවට පත්කිරීමට රජය විසින් ගනු ලැබූ තීරණයට අනුගත වෙමින් කටයුතු කිරීමට පියවර ගන්නා ලෙස දිවයින පුරා ක්‍රියාත්මක වන සියලුම ජාත්‍යන්තර පාසල්, සියලුම පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතන සහ වෘත්තීය අධ්‍යාපන ආයතනවලට දන්වා සිටි.
.