Saturday, February 14, 2026
Follow Us

දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල පවතින සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා විවෘත පදනම මත බඳවා ගැනීමේ තරග විභාගය - 2026 උපාධි්‍ය සම්පූර්ණ කළ යුතු දිනය සම්බන්ධයෙන් නීතිපති උපදෙස් ලැබී ඇති අතර එය  2026.02.16 දින අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල පවතින සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා විවෘත පදනම මත බඳවා ගැනීම සඳහා අයදුම්පත් කැඳවමින් 2026 පෙබරවාරි 02 වැනි දින නිකුත් කරන ලද අංක 2474/19 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නිවේදනයේ 5.1 වගන්තියට අනුව උපාධි සුදුසුකම් සම්පූර්ණ කළ යුතු දිනය, 2026 මාර්තු 05 දිනය ලෙස සංශෝධනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ උපදෙස් පරිදි නීතිපති උපදෙස් ඉල්ලුම් කෙරිණි.