2026 වර්ෂයේ තෝරා ගත් පාසල් සිසුන්, පිරිවෙන්වල ගිහි පැවිදි සිසුන් හා සීලමාතාවන් වෙත රු 3,000ක වටිනාකමක් සහිත පාවහන් තිළිණපත් ලබාදීමේ වැඩසටහනේ කාලය දීර්ඝ කර ඇති බව අධ්‍යාපන අමාතයංශය සඳහන් කරයි.
ඒ අනුව එම තිළිණපත්වල වලංගු කාලය 2026.02.15 දිනෙන් අවසන් වීමට තිබුණ ද එහි වලංගු කාලය 2026.02.28 දින දක්වා දීර්ඝ වේ.