Tuesday, February 03, 2026
Follow Us
2025‑2030  - පුනර්ජනනීය බලශක්ති සම්පත් සංවර්ධන සැලැස්මක්

පුනර්ජනනීය බලශක්ති සම්පත් සංවර්ධන සැලැස්ම 2025‑2030 සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

පුනර්ජනනීය බලශක්තිය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියට අනුකූලව වසර 2030 වන විට ජාතික විදුලි ඉල්ලුමෙන් 70%ක් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් සපුරා ගැනීම සඳහා සහ වසර 2050 වන විට කාබන් උදාසීනතාව ළඟා කර ගැනීම සඳහා පුනර්ජනනීය බලශක්ති සම්පත් සංවර්ධන සැලැස්මක් සකස් කිරීම අත්‍යවශ්‍ය වේ.

2007 අංක 35 දරන ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය පනත මඟින් ද එකී සැලැස්ම සකස් කිරීමට නියම කර ඇත.

ඒ අනුව, ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය විසින් අදාළ සියලු පාර්ශ්වයන් සමඟ සාකච්ඡා කර, යෝග්‍ය ඉඩම් හඳුනාගැනීම සහ ප්‍රමුඛතාව ලබා දීම, පුනර්ජනනීය බලශක්ති සිතියම හා පුනර්ජනනීය බලශක්ති උද්‍යාන සංවර්ධනය කිරීමේ කාලරාමුව යන ප්‍රධාන ක්ෂේත්‍ර තුන ආවරණය කරමින් සහ පාවෙන සූර්යබල ව්‍යාපෘතීන් ද ඇතුළත් කරමින් සකස් කරනු ඇත.