Thursday, March 19, 2026
Follow Us
ජාතික පාරිසරික (සංශෝධිත) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අනුමැතිය
ජාතික පාරිසරික (සංශෝධිත) පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්රයේ පළ කිරීමටත්, අනුමැතිය පිණිස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් කැබිනට් අනුමැතිය ලැබී ඇත.

 

ශ්රී ලංකාවේ පරිසරය ආරක්ෂා කිරීම, කළමනාකරණය කිරීම සහ ඊට සම්බන්ධ අනුෂාංගික කරුණු සම්බන්ධයෙන් 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනත මඟින් අවශ්ය නීතිමය ප්රතිපාදන සලසා ඇත.
වර්තමානයේදී පරිසරය සම්බන්ධයෙන් පැනනැගී ඇති නෛතික හා ආයතනික ගැටලුවලට ප්රතිපත්තිමය විසඳුම් සෙවීමේදී එකී පනතේ ප්රතිපාදන ප්රමාණවත් නොවන බවත්, එම පනත සංශෝධනය කළ යුතු බවත් හඳුනාගෙන තිබේ.
 
එබැවින්, ජාතික පාරිසරික පනත සංශෝධනය කිරීම පිණිස 2025-08-04 දින පැවති අමාත්ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ.