පුත්තලම දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව සහ හලාවත අතර දුම්රිය ධාවන කටයුතු අද (29) සිට යළි ආරම්භ විය.
දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ ආපදාවට ලක් වූ දුම්රිය මාර්ග කොටසෙහි අලුත්වැඩියා කටයුතු අවසන් කර ඇති බැවින් මෙම ධාවන කටයුතු නැවත ආරම්භ කරන බවය.
පසුගියදා පැවැති ආපදා තත්ත්වය හේතුවෙන් පුත්තලම දුම්රිය මාර්ගයේ කුඩාවැව සහ මාදම්පේ දුම්රිය ස්ථාන අතර පිහිටි කඩුපිටිඔය හරහා පවතින දුම්රිය පාලම අසලින් දුම්රිය මාර්ගය සෝදාගෙන යාම හේතුවෙන් කොළඹ කොටුව සිට හලාවත/ පුත්තලම අතර දුම්රිය ධාවනය අත්හිටුවීමට පියවර ගෙන තිබුණි.
