Tuesday, December 23, 2025
Follow Us
දේශීය නිෂ්පාදන කර්මාන්ත ශක්තිමත් කිරීමට කර්මාන්ත ක්ෂේත්‍ර හතක් සඳහා උපදේශක කමිටු
රාජ්ය ආයතන, වාණිජ මණ්ඩල / සම්මේලන , විද්යායතන ( විශ්ව විද්යාල හා පර්යේෂණ ආයතන) සහ අදාළ කර්මාන්ත ක්ෂේත්රයේ විශේෂඥයින් නියෝජනය වන පරිදි 25 දෙනෙකුට නොවැඩි සාමාජික සංඛ්යාවකින් සමන්විතව පහත සඳහන් කර්මාන්ත ක්ෂේත්ර සඳහා උපදේශක කමිටු පිහිටුවීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.
ඒ අනුව
01 දේශීය ආයුර්වේදය හා පාරම්පරික වෛද්ය ක්ෂේත්රය
02 රස කැවිලි ආශ්රිත නිෂ්පාදන කර්මාන්ත ක්ෂේත්රය
03 සාම්ප්රාදායික හස්ත කර්මාන්ත ක්ෂේත්රය
04 කුකුළු මස් ආශ්රිත කර්මාන්ත ක්ෂේත්රය
05 විසිතුරු මසුන් හා මුහුදු පැළෑටි ආශ්රිත කර්මාන්ත ක්ෂේත්රය
06 නිර්මාණාත්මක කලා ආශ්රිත කර්මාන්ත ක්ෂේත්රය
07 ඉසව් කළමනාකරණ ක්ෂේත්රය යන ක්ෂේත්රවලට අදාළව මෙම උපදේශක කමිටුව පත් කිරීමට නියමිතයි.