Monday, February 02, 2026
Follow Us
හෙට දිනයේ පළාත් 6ක පාසල් සම්පූර්ණයෙන් යළි ආරම්භ කරයි

ඌව, මධ්‍යම සහ වයඹ පළාත්වල පාසල් 640ක් හෙට (16) දිනයේ ආරම්භ කළ නොහැකි තත්ත්වයේ පවතින බවත් අනෙකුත් සියලු පාසල් හෙට දිනයේ යළි ආරම්භ වන බවත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංයේ ලේකම් නාලක කලුවැව පවසයි. 

පළාත් බලධාරීන්ගෙන් ලබා ගත් තොරතුරු අනුව ඌව පළාතේ පාසල් 524ක්, මධ්‍යම පළාතේ 111ක් සහ වයඹ පළාතේ පාසල් 5ක් එලෙස හෙට දිනයේ විවෘත නොවන බවයි ලේකම්වරයා පෙන්වා දුන්නේ.