Monday, February 02, 2026
Follow Us
මහර සහ ගම්පහ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

මහර සහ ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයන්ට පැය 15ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි.

 

මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු හා සම්බන්ධ ජල නළ විතැන් කිරීමේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් එළැඹෙන බදාදා (17) දින ප.ව 4 සිට දෙසැම්බර් මස 18 වන දින පෙ.ව 7 දක්වා මෙම ජල සැපයුම අත්හිටුවන් ලැබේ.