Saturday, December 13, 2025
Follow Us
ශ්‍රී පාද වන්දනා වාරය 2025/2026 - බැතිමතුන්ගේ ආරක්ෂාව සම්බන්ධව දැනුම්දීමක්
මෙවර ශ්රී පාද වන්දනා වාරය 2025.12.04 දිනට යෙදුණු උඳුවප් පුර පසළොස්වක පොහොය දිනයෙන් ආරම්භ වූ අතර එළඹෙන (2026) වෙසක් පුර පසළොස්වක පොහොය දිනයෙන් නිමාවීමට නියමිතය.

 

උතුම් ගෞතම ශ්රී පාදස්ථානය වෙත ළඟා වීම සඳහා භාවිතා කරනු ලබන ප්රධාන ප්රවේශ මාර්ග තුනකි. එම මාර්ග නම් හැටන් - නල්ලතන්නිය මාර්ගය, රත්නපුර - ශ්රී පලාබද්දල මාර්ගය (රජ මාවත) හා කුරුවිට - එරත්න මර්ගයයි.
 
එහෙත් පසුගිය දිනවල පැවති අධික වැසි තත්ත්වයක් සමඟ හැටන් - නල්ල්තන්නිය මාර්ගයේ මහගිරිදඹ ප්රදේශයේ ඇති වූ භූ අස්ථාවර තත්ත්වයක් සම්බන්ධයෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ විශේෂඥ කණ්ඩායමක් විසින් එම ස්ථානයට ගොස් එම භූ අස්ථාවර තත්ත්වය සම්බන්ධව ගවේෂණයක් සිදු කර ඇත.
 
ඒ අනුව එම ගමන් මාර්ගයේ උද්ගතව ඇති භූ අස්ථාවර තත්ත්වය, යථා තත්ත්වයට පත්කිරීම සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අධ්යක්ෂ ජනරාල්වරයා විසින් ලබාදී ඇති නිර්දේශ ශ්රී ලංකා යුධ හමුදාව විසින් මේ වනවිටත් ක්රියාත්මක කරමින් පවතී.
 
ඒ අනුව මේ දිනවල එම ස්ථාවර කිරීම් සිදු කරන බැවින් හැටන් - නල්ල්තන්නිය මාර්ගය හරහා ශ්රී පාදස්ථානය වෙත පැමිණීමේදී යම් යම් සීමා කිරීම් සිදු කිරීමට සිදුව ඇත.
හැකි ඉක්මනින් එම ස්ථාවර කිරීම් සිදු කර අවසන් කළ පසු කිසිදු සීමා කිරීමකින් තොරව සුපුරුදු ලෙස හැටන් - නල්ල්තන්නිය මාර්ගය හරහා ශ්රී පාදස්ථානය වෙත පැමිණීමට හැකිවනු ඇත. ඒ පිළිබඳවද ඉදිරියේදී මහජනතාවට දැනුම් දීමට කටයුතු කරනු ලැබේ.
 
එබැවින් මේ දිනවල ශ්රී පාදස්ථානය වෙත ළඟාවීම සඳහා රත්නපුර - ශ්රී පලාබද්දල මාර්ගය (රජ මාවත), කුරුවිට - එරත්න මර්ගය යන මාර්ග දෙක භාවිතා කිරීම වඩාත් සුදුසු බව රත්නපුර දිස්ත්රික් ලේකම්/දිසාපති කේ.ජී.එස්. නිශාන්ත මහතා මහජනතාව වෙත කාරුණිකව දැනුම් දෙයි.