Monday, February 02, 2026
Follow Us
ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්

කළුතර, රත්නපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක සඳහා ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද(11) දහවල් 12.30ට නිකුත් කර තිබේ.

ඒ අනුව ඉහත ප්‍රදේශවල ජනතාව මේ පිළිබඳ සැලකිලිමත් වන ලෙස ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත.

ගිගුරුම් සහිත වැසි ඇති වෙන විට එම ප්‍රදේශවල තාවකාලික තද සුළං ද ඇති වේ.

අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.